Friday, May 31, 2013

ළදරු කිරිපිටි වල විකිරණ පරීක්ෂණයට පෙර තවත් වැඩක්

ඖෂධ වර්ග ලෙස ලියාපදිංචි කර මෙරටට ආනයනය කරන ළදරු කිරිපිටි සහ එළකිරි ආශ‍්‍රිත අනෙකුත් දියර වර්ගවල ශරීරයට අහිතකර විකිරණශීලි අපද්‍රව්‍ය ඇති දැයි සෙවීමේ පළමු පියවර ලෙස එම නිෂ්පාදන පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය.

එළකිරි යොදා ගනිමින් නිෂ්පාදිත ළදරු කිරිපිටි සහ වෙනත් ආහාර සහ දියර වර්ග රට තුළට ඖෂධ වර්ග ලෙස ලියාපදිංචි කර ආනයනය කරන බවත් ශරීරයට අහිතකර විෂ විකිරණ මෙම ද්‍රව්‍යවල පැවතීම අවදානමක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සමීක්ෂණය සඳහා රට පුරා ඖෂධහල් වෙත ගොස් එළකිරි ආශ‍්‍රිත ළදරු කිරිපිටි සහ එළකිරි ආශ‍්‍රිත දියර වර්ගද ලේඛන ගත කර ගැනීම සිදු කරන බවත් ඒ සඳහා සියලූම ඖෂධහල් හිමියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විකිරණ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට බලයක් ඇත්තේ කිරිපිටි ලෙස ලියාපදිංචි කර ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා පමණක් බවත් ඖෂධ වර්ග ලෙස ලියාපදිංචි කර ආනයනය කරනු ලබන කිරිපිටිවල විකිරණ පරීක්ෂා කිරීමට අයිතියක් නොමැති බවත් විජේවර්ධන මහතා සඳහන් කළේය. -  lankacnews

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ