Wednesday, March 11, 2015

ඇස්ගෙඩි දෙකේ ආරක්ෂාවට දියතරිප්පු කණ්නාඩි කුට්ටමක් දමන්න

11009953_1615632275334194_4615243537197789732_n
වාරියපොල සුමංගල හිමි ගුණ සමරුවට කන්දට යන අතරමග පිළිමතලාවෙන් ගඩලාදෙනිය පාරට හරවල කහඹෙට ගියේ මිත්‍රයෙක් මුණ ගැහෙන්ට. ගුණසෝම....රජ කාලෙ ඉදන් පරම්පරාවෙන් දියතරිප්පු වලින් ඇස් කණ්නාඩි, චූඩා මානික්‍ය හදන පරපුරක නූතන පුරුක. යද්දී සුපුරුදු විදිහට එතුමා සිළුමිණක...ඒ කිව්වේ චූඩා මානික්‍යයක අවසාන ඔප දැමීම් කරනව. තවමත් කපරාරුවවත් කරගෙන වැඩ නිමකර ගන්න බැරිවුණ ගඩොල් බිත්ති හතර මැද වාඩි ගෙන. මාත් ලගින් ඈදි ගත්ත. ඒ යන්ත්‍ර සියල්ල පාරම්පරික දේවල්...බොලල්ලා මේ සිංහල විද්‍යාව...සිංහල තාක්ෂණය. අපි සුද්දගෙ නැට්ටෙ එල්ලිලා පම්පෝරි ගහනව...හිංගල විද්‍යාඥයො අරෙහෙ මකබෑ වෙනව..මකබෑ වෙන්න ඕනැන්නෙ සුද්දගෙ පඩත්තර විද්‍යාව ඔලුව උඩ වඩම්මන හැත්ත.


දියතරිප්පු ගේන්න ගුණසෝම හැතැප්ම සිය ගණනක් යන්න ඕන. ගෙනැත් වූඩා මානික්‍යයක වැඩ අවසන් කරන්න සෑහෙන කාලයක් යනව. “ඉස්සර චූඩා මාණික්‍ය කැපුවේ සිව් බුදුවරුන්ට පට්ටම් හතරයි, හතරවරම් දෙවියන්ට පට්ටම් හතරයි තියල අට පට්ටමට....නමුත් දැන් ඇත්තෝ ඉල්ලන්නේ වැඩි පට්ටම් ගණනකින්...ලස්සනට මිසක් සම්ප්‍රදායට නොවෙයි“ මිත්‍රයා එහෙම කියද්දී රටේ අකුණු අනතුරු වැඩි ඒ නිසාද කියලත් මට හිතුන. මොකද අකුණු නිවාරණයට හා නියාමනයට චෛත්‍ය රාජයානන් වහන්සේලාගේ බලපෑමක් තියනව කියල අහල තිවුන නිසා. 

නූතන ආර්ථික ප්‍රවණතා එක්ක ගුණසෝම වගේ තවත් සිංහල තාක්ෂණවේදීන් විතරක් නොවෙයි..සියලු සිංහල මහා ශිල්ප කුළ සුනුවිසුනු වුනා..තවමත් වෙනව. සිළුමිණි වලට අමතරව ගුණසෛා්ම ඇස් කණ්නාඩි හදනව...ඒත් එ් දොස්තර මහත්තැන්ලගෙ විධිවිධාන අනුව නොවෙයි...තිස් ඇදිරියට..හතළිස් ඇදිරියට එහෙම. දියතරිප්පු චූඩා මාණික්‍යයක් අතට ගත්තම මේ ගිණි මද්දහනෙත් හිම කැටයක් වගේ හීතලයි නෙව. කණ්නඩි කුට්ටමක් පැළදලා බැලුවම ඒ සිසිලස එහෙමම ඇහැට දැනෙනවා...දැන් ඉතිං හුගක් පිරිසක් පරිගණක පාවිච්චි කරන නිසා, පොත පත කියවන නිසා...ඇස් ආබාධයක් නොතිබුනත් නරකද ඇස්ගෙඩි දෙකේ ආරක්ෂාවට දියතරිප්පු කණ්නාඩි කුට්ටමක් දැම්මොත්? කන්ද පැත්තෙ යද්දී ගොඩ වෙලා යන්නත් පුළුවං..නැත්තං 077-0255693/081-4983021 අංක වලට ඇමතුමක් ඇන්න බලනව හොදයි.

උපුටා ගැනීම - Chamila Liyanage ගෙනි 




63767_1615631988667556_9089302373326226762_n

988950_1615632272000861_6719233552928224616_n

11009953_1615632275334194_4615243537197789732_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ