Friday, May 31, 2013

රට නගා සිටවූ දකුණ මත්පැන් විසින් ගිලගනී

දකුණේ වාර්ෂික මත්පැන් පරිභෝජනය බෝතල් කෝටි තුනහමාර පනී

දකුණු පළාතේ වාර්ෂික ඒක පුද්ගල සමස්ත මත්පැන් පරිභෝජනය ලීටර් 12.8ක් බව දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරයි.එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව දකුණු පළාතේ වාර්ෂික මත්පැන් පරිභෝජනය ලීටර් දෙකෝටි තිස්හත්ත්ලක්ෂ හැටපන්දහස් හත්සිය හැට එකකි. 

එම පරිභෝජනය බෝතල්වලින් ගණනය කිරිමේ දී බෝතල් ප‍්‍රමාණය තුන්කෝටි දහසය ලක්ෂ අටදහස් හාරසිය හැට දෙකක් වේ.එසේම දකුණු පළාතේ සමස්ත ජනගහනය විසිහතර ලක්ෂ හැටපන්දහස් හයසිය විසි හයකි.

මෙහි දී වාර්ෂිකව ගාල්ල දිස්ත‍්‍රික්කය මත්පැන් ලීටර් එක්කෝටි හාරලක්ෂ එක්දහස් නවසිය හැට එකක් ද, මාතර දිස්ත‍්‍රික්කය අසූලක්ෂ හතළිස් නවදහස් හත්සිය තිහක් ද, හම්බන්තොට දිස්ත‍්‍රික්කය මත්පැන් ලීටර් පනස්තුන ලක්ෂ දාහතරදහස් හැත්තෑවක් ද පරිභෝජනය කෙරේ.එසේම මේ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන හාරලක්ෂ අනූඑක්දහස් හාරසිය හැත්තෑ තුනක් වැය වේ. - lankaCnews

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ