Thursday, May 30, 2013

ශ‍්‍රී ලංකාවට තවත් චන්ද්‍රිකාවක්, ආයෝජනය රු. කෝටි 2752ක්

ශ‍්‍රී ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය.

සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක (රු. මිලියන 27,520) කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.

නිල ගිවිසුම අත්සන් තැබීම පෙරේදා සිදු කෙරිණි. අදාළ ගිවිසුමට අනුව සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව්වි මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය සහ දියත් කිරීම යන අංශවල වගකීම චීනයේ ගේ‍්‍රට්වෝල් කර්මාන්ත සංස්ථාව සතුය. - lankaCnews



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ