Wednesday, August 6, 2014

ඔබේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් උපයන්න - Bhasha වෙතින් දැන් AdLink

ඔබේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් උපයන්න -  Bhasha වෙතින් දැන් AdLink - http://www.adlink.lk
-------------------

මීට වසර කීපයකට පෙර සිංහල බ්ලොග්කරුවන්ට විශාල ගැටළුවක් වූ පාඨක පරිගණක වල සිංහල නොපෙනීමේ ගැටළුව Bhasha SETTdeco සේවාව හරහා භාෂා ලංකා ශ්‍රී ලාංකීය මෘදුකාංග සමාගම විසින් විසඳූ බව ඔබට මතක ඇති. ඔවුන් විසින් නොමිලේ ලබා දුන් එම සේවාව තවමත් ඔබ ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ භාවිතා කරනවා ඇති!



ඔවුන් මේ සූදානම් වන්නේ මෙතෙක් ඔබට පැවති තවත් එවන් විශාල ගැටළුවකට විසඳුම් සපයන්න. ඒ තමයි ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් ඉපැයීම. Google AdSense සිංහල බ්ලොග් වලට සහය නොදක්වන නිසා ඔබට තවමත් ඔබේ බ්ලොග් අඩවියෙන් කිසිඳු ආදායමක් ලබාගත නොහැකිව සිටී නම්, ඔවුන් මේ හඳුන්වා දෙන්නට යන AdSense වැනිම ශ්‍රී ලාංකීය දැන්වීම් ජාලය පිළිබඳ පුවත ඔබට සුභ ආරංචියක් වේවි!

Bhasha වෙතින් සපයන නවතම AdLink සේවාව හරහා AdLink Ads ඔබේ සිංහල බ්ලොග් අඩවියට එක් කරගෙන ඔබේ පාඨකයන් ඒවා ක්ලික් කරන වාරයක් පාසා ඔබට එයින් මුදල් ඉපැයිය හැකියි.

මෙහි විශේෂත්වයන් කීපයක් මෙසේයි:
   -   AdSense මෙන් නොව සිංහල වෙබ්අඩවි/බ්ලොග් සඳහා ද යෙදිය හැකියි
   -   දේශීය දැන්වීම් පමණක් දිස් වන නිසා ක්ලික් වීමට ඇති ඉඩ කඩ වැඩියි
   -   අනුමත කරන දැන්වීම් පමණක් දිස් වන නිසා ඔබේ අඩවියේ ගුණාත්මක බවට හානි නොවෙයි
   -   ඔබේ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමටම ලබා ගත හැකියි
   -   ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලත් භාෂා ලංකා සමාගමේ සේවාවක් බැවින් විශ්වාසනීයත්වය සහතිකයි

ඔබත් අදම AdLink ගිණුමක් සාදා ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර අමතර ආදායමක් ඔබේ බැංකු ගිණුමටම ලබාගන්න.

දැන්ම ලියාපදිංචි වන්න - http://www.adlink.lk
-------------------
ජගත් සම්මානයෙන් පිදුම් ලත් ශ්‍රී ලාංකීය සමාගමක් මඟින් AdSense හි බාධක මැඩලීම සඳහා දියත් කළ මෙම ශ්‍රී ලාංකීය සේවාවට ගන්න දේශීය දේ අපේ උණුසුම් සුභපැතුම්!

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ