Wednesday, July 30, 2014

ආඩම්බරයි ! ආත්මආරක්ෂක සටන් කලාවේ ශූර ලංකිකයෙකු අමෙරිකාවේදී කොල්ලකරුවන් මෙල්ල කරයි.

අමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු කොල්කරුවන් පිරිසකට පහරදී පලවා හැරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Mayura Dissanakake මයුර දිසානායක නමැති එම ලාංකිකයා
ඉන්ධනහලක පිහිටි ආපන ශාලාවක සේවය කරන අතර ඔහු ආත්මආරක්ෂක සටන් කලාවේ ශූරයෙකි.

එම වීඩියෝව පහතින් නරඹන්න
තම සගයෙකු බැංකුවකට ගොස් යළි පැමිණෙන අවස්ථාවේදී ජීප් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් ඔහුට පහර දී මුදල් බෑගය පැහැර ගැනීමට උත්සාහ කළ බව මයුර දිසානායක මහතා පැවසීය.
ඔහු එහිදී කොල්ලකරුවන්ට පහර දුන් ආකාරය ඉන්ධනහලේ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණි. පසුව පොලීසිය විසින් අදාළ කොල්ලකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
------------------------------------------------------------
ලක් නම බැබලවූ අපේ පුත්තු.
------------------------------------------------------------

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ