Tuesday, July 15, 2014

HTML පාඩම් මාලාව 1- ඔබේ දැනුමට අපගෙන එන අලුත්ම විශේශාංගය



Fullscreen+capture+7152014+93745+PM
අප අන්තර්ජාලයේදී දකින වෙබ් අඩවි වලට තොරතුරු ඇතුලත් කිරිමට ක්‍රමයක් හෙවත් භාෂාවක් අවශH වේ.HTML යනු පොදුවේ ඕනෑම පරිගනකයකට හදුනාගතහැකි වෙබ් ඩිසයිනින් භාෂාවකි.එය Hyper Text Markup Language කියා හඳුන්වයි.HTML භාෂාව 1989 දී ශි%මත්  ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා ස්වාධීනව නිර්මානය කලේය. ටිම් බර්නර්ස් ලී HTML භාෂාව වැඩි දුරටත් දියුනු කරනු ලැබීය.නමුත් මෙහි ඇති විශේෂත්වය මෙම වෙබ් අඩවි සෑදීමට විශේෂ වු මෘදුකාංග අවශH නොවීමයි.පරිගණකයේ ඇති Notepad , Notepad++ වැනි ටෙක්ස්ට් එඩිටර්  වැඩසටහනක්  මේ සඳහා %මානවත් වේ.


මුව පරිගණකයේ All Programs      ->          Accessories   ->         Notepad යන්න .පසුව Notepad විවDත්ත කර ගන්න. මෙසේ වෙබ් පිටුවකට අදාළ Code ලියන විට අලුත්ම  HTML 5 සංස්කරණය නිසා මුලින්ම

<!DOCTYPE html>    ලෙස ලිවිය යුතුය . මෙහි HTML 5 Code ලියන අකෘතිය පහත දැක්වේ.

Fullscreen+capture+7152014+93414+PM

මෙහි කොල පැහැයෙන් දක්වා ඇති කොටස් ඔබට අවශH පරිදි වෙනස් කර ගත හැකිය. <html> , <head> , <title> , <body> යන ටැග් වලින් ආරම්භ වන අතර මෙහිම </html> , </head> , </title> , </body> > යන ටැග් වලින් අවසාන වෙයි.මෙහි Charset=”UTF-8” යනු යුනිකෝඩ් අංකයයි.අප වෙබ් අඩවියේ Browser එකෙහි ටැබ් එක තුල තිබෙන වචනය <title> ටැබ් එක තුල ලිවිය යුතුය. <body>එක තුල ලියනු ලබන්නේ වෙබ් අඩවියෙහි ඇතුලත්  විය යුතු තොරතුරුය.
ඉහත උදාහරණය Notepad එකෙහි ලියා ගන්න,
 

Code File එක Save කරන ආකරය.
Notepad එකෙහි Save as  Click කර File Name එක සඳහා කැමති  File Name එකක් ලබාදී අගට .html හෝ  .htm ලෙස ලබාදෙන්න.ඊට පහල මෙනුවෙන් All File යන්න ලබාදෙන්න.දැන් Save කරන්න.

Fullscreen+capture+7152014+93548+PM


එවිට එය Save කල ස්ථානයේ පරිගණකයේ  Default Web Browser අයිකන් එකකින් එම අපගේ වෙබ් පිටුව පෙනෙනු ඇත.
 
Fullscreen+capture+7152014+93705+PM
Fullscreen+capture+7152014+93745+PM

 මෙය අපට වෙනස්කර ගැනීමට (Edit) අවශHනම් Notepad එක නැවත විවDත්ත කරගෙන මෙම වෙබ් පිටුව ඇද දමන්න.නැවත වෙනස්කම කර අවසානයේ නැවත ඉහත ආකාරයටමSave කරන්න.අප ඊලග පාඩම් මාලාවල් තුලින් තව දුරටත් HTML ගැබුරින් අධHයනය කරමු.
පාඩම් මාලාව  - Prasanna madushanka bandara.



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ