Tuesday, July 15, 2014

කොළඹ නගරය ජන හිතකාමි නගරයක් කිරිමට සහාය වෙමු


DEVELOPMENT_COLOMBO_20140325p14
කොළඹ නගරය පිරිසිදු හරිත ජනහිතකාමි නගරයක් කරා ගෙනයාමේ රජයේ වැඩපිලිවෙල යටතේ අලුතින්ම නගරයට එක්විමට නියමිත පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය පිහිටි ප්‍රදේශය හා බැස්ටියන් මාවත පාවෙන වෙළද සංකීර්ණ කොළඔ නගරය තව තවත් අලංකාර පිරිසිදු හරිත නගරයක් කරනු ඇත.

     කොළඹ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව නගර සභා චතුරස්‍රය, ටොරින්ටන් චතුරස්‍රය, මාර්ග පද්ධති හා පදික මාර්ග නවිකරණය කිරිම මේ වන විටත් කඩිනමින් සිදුකරමින් පවතී.


DEVELOPMENT_COLOMBO_20140325p1

DEVELOPMENT_COLOMBO_20140325p2

DEVELOPMENT_COLOMBO_20140325p3
 පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය
DEVELOPMENT_COLOMBO_20140325p4

DEVELOPMENT_COLOMBO_20140325p5

DEVELOPMENT_COLOMBO_20140325p9
 පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට
DEVELOPMENT_COLOMBO_20140325p6

DEVELOPMENT_COLOMBO_20140325p7

DEVELOPMENT_COLOMBO_20140325p8
 නවීකරණය වෙමින් පවතින පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය
 මේ යටතේ නවීකරණය වන පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු පරිශ්‍රය බ්‍රිතානය පාලන සමය දක්වා දිවෙන ගොඩනැගිලි සංකීර්ණකි. 1799 ස්ථාපනය කරන ලද අක්කර 51/2 ක භූමි ප්‍රමාණයක විසිරී ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය නවිකරණය කර හෙට දිනයේ නගර අලංකරණය සදහා පමණක් නොව කොළඹ නගරය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරිමට ගෙනයන වැඩ පිලිවෙල් කොටසක්ද වනු ඇත. වෙළද කුටි 40 කින් පමණ සුසැදි මෙහි භුමිඅලංකරණය සදහා වතුර මල් හා ඇවිද යාමේදී මසුන් දර්ශණය වන ජල තටාකයන්ගෙන්ද සමන්විත වී ඇත.

DEVELOPMENT_COLOMBO_20140325p10
 නවීකරණය වන තුරඟ තරග පිටිය

DEVELOPMENT_COLOMBO_20140325p11
 නවීකරණය වන නිදහස් චතුරස්‍රය

DEVELOPMENT_COLOMBO_20140325p12
 පැරණි විහාර මහදේවී උද්‍යානය
DEVELOPMENT_COLOMBO_20140325p13
 විවෘත කිරීමෙන් පසු තුරඟ තරග පිටිය

DEVELOPMENT_COLOMBO_20140325p14
 විවෘත කිරීමෙන් පසු නිදහස් චතුරස්‍රය

DEVELOPMENT_COLOMBO_20140325p15
 නවීකරණයෙන් පසු විහාර මහදේවී උද්‍යානය
  කොළඹ නගරයේ ඉතාම තදබද ස්ථානයක ඉතා අපිරිසිදුව විවිධ දුරාචාරයනට තෝතැන්නක් වූ ප්‍රදේශයක් වන බැස්තියන් මාවත ප්‍රදේශයද මෙම අලංකරණ වැඩපිලිවෙල යටතේ නවීකරණය වන අතර එහි කඩ කාමර 100 කින් පමණ යුතු වෙළද සංකීර්ණයක් හා පාවෙන වෙළඳපොලක් සහිත ස්ථානයක් බවට පත් කිරීමේ වැඩ කටයුතු කඩිනමින් නිමාවෙමින් පවතී.

DEVELOPMENT_COLOMBO_20140325p16

DEVELOPMENT_COLOMBO_20140325p17

DEVELOPMENT_COLOMBO_20140325p18
 පැරණි බැස්ටියන් මාවත

DEVELOPMENT_COLOMBO_20140325p23

DEVELOPMENT_COLOMBO_20140325p24

DEVELOPMENT_COLOMBO_20140325p25
 නවීකරණය වෙමින් පවතින බැස්ටියන් මාවත
 30 වසරක් පමණ කාලයක් තිස්සේ රටේ පැවති යුද්ධය අවසන් කිරිමෙන් අනතුරුව දෙස් විදෙස් සංචාරකයිනට මෙන්ම තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සදහා කොළඹ නගරයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට සැදෑ කාලයේදී වින්දනයක් ලබාගත හැකි ස්ථාන නගරය තුල දැනටමත් විවෘතව ඇති අතර ඕලන්ද රෝහල, පැරණි පොහොර ගබඩා සංකීර්ණය, මහ බැංකු මුදල් කෞතුකාගාරය, ගංගාරාමය අවට ප්‍රදේශය, විහාර මහා දේවි උද්‍යානය, කොළඹ නගර සභා චතුරස්‍රය, පැරණි තුරග තරග පිටිය, ටොරින්ටන් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශ මින් කිහිපයකි. දවසේ සන්ධ්‍යා කාලය වන විට මෙම ප්‍රදේශයන් සැදැ සිරි විදිමින් සිය ශාරිරික ව්‍යායාම වල යෙදෙන ජනතාවගෙන් පිරි පවතී.

DEVELOPMENT_COLOMBO_20140325p19

DEVELOPMENT_COLOMBO_20140325p20

DEVELOPMENT_COLOMBO_20140325p26

DEVELOPMENT_COLOMBO_20140325p27

DEVELOPMENT_COLOMBO_20140325p28

Kumara_rathnam_Road_20130930_02p6
   එසේම නගරයේ අඩු ආදායම් සහිත පුද්ගලයින් ජිවත්වු  මුඩුක්කු ආශ්‍රිත ව තිබූ වතු වශයෙන් නමි කරන ලද ප්‍රදේශ වල නිවාස ඉවත් කර එහි ජිවත්වූ ජනතාවට හා ඔවුන්ගේ දුවා දරුවන්ට හට වඩා හොද සෞඛ්‍ය සම්පන්න ආකාරයට ජිවත් විය හැකි පිරිසිදු, හරිත, සුවදායි පරිසරයක් නිර්මාණය කර ඇති අතර මේ මගින් එම ප්‍රදේශවල ව්‍යාප්තව තිබු විවිධ දුරාචාරයන් හා අපරාධ වැලැක්විමටද පියවර ගෙන ඇත.

     සුළු වර්ෂාවකදී පවා නගරය තුල ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර නගරයතුල නවින වැසිකිලි කැසිකිලි ඉදිකරමින් යටිතල පහසුකමි සංවර්ධනයට ද පියවර ගෙන ඇත. මේ අනුව නගරයේ ජීවත් වන සෑම ආකාරයකම පුද්ගලයින්හට අභිමානයෙන් හා සෞඛ්‍ය සමිපන්නව ජීවත්විමේ වටපිටාවක් මෙම නගර අලංකරණ වැඩසටහන මගින් සලසා දෙමින් පවති.


DEVELOPMENT_COLOMBO_20140325p29

DEVELOPMENT_COLOMBO_20140325p30

Public_Convenience_Complexes_vested_on_public+_20130626_02p2

 එසේම එකි ජනතාවට තමන්ගේ ආර්ථිකය ගොඩනංවා ගැනිමටද මේ තුලින් වැඩපිලි‍වල් සකස් කරදි ඇත. නගරය අලංකරණය කිරීමේ දි අපහසුතාවයනට පත්වන පිරිස් සිටියද ඔවුන්ද සිය අපහසුතාවයන් මදකට පසෙකින් තබා නවීකරණය වන නගරයේ ඔවුන් සදහා ඉදිවන සුවිසල් නිවාස සංකිර්ණයන් දෙස බලමින් සැනසුම් සුසුම් හෙලන අතර ඉතා සුළු පිරිසක් පමණක් මෙයට එරෙහිව වැඩ කටයුතු කරති.

cbo_dev_20140114p1
 දෙමටගොඩ නිවාස සංකීර්ණය

cbo_dev_20140114p12
 54 හා 66 වත්ත හී ඉදිවන නිවාස

cbo_dev_20140114p31
 අංගොඩ ඉදිවන නිවස
  එසේ වුවද ප්‍රධාන නගරයේ ජන ජීවිතය ක්‍රමාණුකුලව ගොඩනැගීම සදහාත් ජාතික අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් නගරය සකස් කිරීම සදහා සහ අපගේ අනාගත පරපුරට යහපත්වු හෙටක් බිහිකිරීම අරමුණු කරගෙන ආරක්ෂක අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගර සභාව රජය සමග එකතුව කරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි ප්‍රතිලාභයන් ඔවුන් විසින්ද හෙට දිනයේ අත්විදිනු ලබන විට ඔවුන්ගේ එම විරුද්ධත්වය පසෙකලා මෙම වැඩපිළිවෙල සදහා ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය හා ආශීර්වාදයද ලබාදෙන බව නොඅනුමානය.


උපුටා ගැනීම - රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ