Tuesday, July 22, 2014

ඩීසීඩී දන්සල් අයිස්‌ක්‍රීම් ගැන හෙද සංගමය විමර්ශනයක්‌ ඉල්ලයි

පොසොන් දන්සල් හරහා ඩීසීඩී විෂ රසායනිකය අඩංගු කිරිපිටිවලින් තැනූ අයිස්‌ක්‍රීම් මහජනතාවට ලබාදීමේ සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙන් වෙන්ව පුළුල් විමර්ශනයන් සිදුකළ යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩීසීඩී අඩංගු බවට තහවුරු වූ කිරිපිටි තොග විනාශ කළ බව ප්‍රකාශ කර තිබියදීත් ඩීසීඩී සහිත කිරිපිsටි පිළිබඳව වාර්තා වීමෙන් පෙනී යනුයේ එක්‌කෝ විනාශ කිරීමට සූදානම් කර තිබූ එම කිරිපිටි තොග හොර පාරෙන් ආහාර නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බව හෝ අලුතින් මෙරටට ගෙන්වන කිරිපිටි තොගවලද ඩීසීඩී අන්තර්ගතව පවතින බව යෑයි හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේ වන විට කාර්මික තාක්‍ෂණ ආයතනයේ වාර්තාවලින්ද පොසොන් දන්සල් හරහා මහජනතාවට නිකුත් කළ අයිස්‌ක්‍රීම්වල ඩීසීඩී රසායනිකය අඩංගු බව තහවුරු වී ඇති බව පෙන්වා දෙන රත්නප්‍රිය මහතා මේ හරහා නැවත ජනතාවට වස විෂ කැවීමට ආහාර නිෂ්පාදන සමාගම් පෙළඹී ඇති බව පෙනී යන්නේ යෑයි අවධාරණය කළේය. - ඒමන්ති මාරඹේ

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ