Tuesday, July 22, 2014

විදේශ සංචාර හා මුදල් ත්‍යාග ලබාගැනීමේ ගිවිසුමක් මත ලක් සතොස බහු ජාතික සමාගමක භාණ්ඩ අලෙවියට ප්‍රමුඛස්ථානයක් දීලා?

මවුබිම ලංකා පදනම පේජයේ පලවූවකි.

පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්.

මුදල් ත්‍යාග හා විදේශ සංචාර ලබාගැනීමේ ගිවිසුමක් මත ලක් සතොස ආයතනය විසින් බහුජාතික සමාගමක භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදී තිබෙන බවත්, ඒ පිළිබඳව අද (21දා) අල්ලස් හෝදූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය සඳහන් කරයි.


ලක් සතොස ආයතනයේ කළමනාකාර නිලධාරීන් සහ බහුජාතික සමාගම සමග මේ වසරේ ජනවාරි මාසයේදී යම් ගිවිසුමකට එළැඹ තිබෙන බවත්, මෙම ගිවිසුමට අනුව බහුජාතික සමාගමේ භාණ්ඩ අලෙවි වන ප්‍රමාණය මත විදේශ සංචාර, ත්‍යාග මුදල් ලබාදීමේ ගිවිසුමකටද එළැඹ තිබෙන බවත් එම සන්ධානයේ ලේකම් ඉන්දික බෙල්පගමගේ මහතා සඳහන් කළේය. දේශීය නිෂ්පාදනය දිරිගන්වමින් ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කිරීම ප්‍රධාන අරමුණ කොටගත් ලක් සතොස ආයතනය සිදු කරන මෙම ක්‍රියාව නිසා රටේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත්, මෙම තත්ත්වය පිළිබඳව සියලුම ලිපි ලේඛන සමග අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම 2014/07/21 "අද" පුවත් පතෙනි .

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

යාළුවන්ටත් දැනගන්න දැන්ම [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e] කරන්න...

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ