Sunday, July 13, 2014

ආකේඩ්' නිදහස් චතුරස්‍රය' අද විවෘත වෙයි

10527336_836774519688990_4133880684276407774_nආසියා කලාපයේ දිදුලන නගරයක, යහපත් ජීවන රටාවක් අපේක්‍ෂා කරන ඔබ වෙනුවෙන්ම,'ආකේඩ් - නිදහස් චතුරස්‍රය' විවෘත වන වගයි.

කොළඹ නිදහස් චතුරස‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද, ජනතා අයිතියට පත්කෙරේ. ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 500 කි. අසංවිදිත සංවර්ධනයකට සහ අවභාවිතයට යොමුව තිබූ නිදහස් චතුරස‍්‍රය ආශි‍්‍රත ප‍්‍රදේශය මෙහි පළමු පියවර යටතේ සංවර්ධනය කෙරිණ. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි තුරඟ තරඟ පිටිය සංවර්ධනය කොට භූමි දර්ශන අලංකාර සිදුකර යළි මහජනතාව අතට පත්කර තිබේ. 

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඒවා කි‍්‍රයාත්මක කරනු ලබයි. වඩාත් දර්ශනීය නිදහස් හා හරිත නගරයක් බවට කොළඹ නගරය පත්කිරිම අරමුණයි. ආසියාවේ සෙසු නගරවලට නොදෙවෙනි වඩාත් ආරක්ෂිත නරගයක් බවට පත් කිරීම ද රජයේ සැලසුමවී තිබේ. අද (13) දිනයේදී ජනතා අයිතියට පත් කෙරෙන ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් වානිජ මධ්‍යස්ථානය වර්ගඅඩි අනුදහසක පමණ විශාලත්වයකින් යුක්තය. ඉන් වර්ග අඩි හතළිස් දහසක පමණ ප‍්‍රමාණයක් සාප්පු සංකීර්ණ, අවන්හල් ඇතුලු වානිජ කටයුතු වෙනුවෙන් විවිධ ආයතන සඳහා බදු පදනම මත ලබාදෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි ප‍්‍රතිනිර්මාණය සිදුවිය. ශ‍්‍රමදායකත්වය සැපයූයේ ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාවයි.


10

06



10174873_836775039688938_5952362021883342955_n

10360244_836774829688959_7216414373755023580_n

10414579_836775073022268_6302662578200730324_n

10460204_836787283021047_1389751051046272183_n

10501596_836774686355640_110470533827928579_n

10514548_836774769688965_7676740026834141360_n

10514605_836774629688979_5639998014736798106_n



10534643_836787329687709_8895906039469183475_n


seina-630x300

01


ඇතැම් ජයාරූප gossipbook.lk වෙතින්


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ