Friday, July 11, 2014

ලොව අනර්ඝතම සෞඛ්‍යාරශිත තෙල් වර්ගය "පොල්තෙල්"...

ddd

Coconut Oil (පොල් තෙල්) 


පොල් තෙල් කියන්නේ ලාංකික අපට නම් ඉතාම හුරු පුරුදු ආහාර වර්ගයක්. පොල්තෙල් වල සංතෘප්ත මේදය විශාල වශයෙන් අඩංගු වෙනවා. ඒවගේම එහි අඩංගු lauric acid  මගින් ඔබව වෛරස ආසාදන ඇති වීමෙනුත්  වළක්වනවා. පොල් තෙල් අත්‍යවශ්‍ය මේද අම්ල හා
විටමින් E වලින්  පොහොසත්.  එමගින් ඔබේ සම තෙතමනය රැක ගැනීමට, සිනිදූ බවට හා සම රැලි වැටීමෙන් වලක්වගන්න උදව් වෙනවා. ඒවගේම ඔබගේ තෛරොයිඩ් ග්‍රන්ථියටත් මෙය ඉතා හොඳයි.

සුදු පොල්තෙල් හරිම ගුණයි

අතීතයේ විසූ ශ්‍රී ලාංකිකයන් අධික කොලොස්‌ට්‍රොaල් මට්‌ටම් වලින් යුත් අය නොවූ අතර හෘදයාබාධ ඔවුන් අතර සුලභ නොවීය. වර්තමානයේ දුම්වැටි හා මත්පැන් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු ඊට වඩා දරුණු ස්‌වභාවයක්‌ උසුලයි. තැඹිලි වතුර හා පොල් වතුර අදටත් අප රටේ ජනයා අතර බෙහෙවින් ජනප්‍රිය හා සෞඛ්‍යයට හිතකර පානයන් බවට පත්ව තිබේ.

"මිහිපිට ඇති සෞඛ්‍යයට හිතකරම තෙල් වර්ගය පොල් තෙල්ය" යි වෛද්‍ය බෲස්‌ ෆයිෆ් ඔහුගේ "හීලින් මිරැකල් ඔෆ් කොකනට්‌ ඔයිල්" නම් කෘතියේ සඳහන් කර තිබේ. වර්තමාන විද්‍යාත්මක පර්යේෂණයන් ගෙන් මේ නිර්භීත ප්‍රකාශයේ සත්‍යතාවය ඔප්පු වී තිබේ.



sample+-+02
ඩොමේන්ස් සහ වෙබ් හොස්ටින්


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ