Saturday, February 15, 2014

තැපැල් කංතෝරුව අතේ දුරින් - Sri Lanka Postal Codes Finder

Sri Lanka Postal Codes Finder

වර්ථමානයේ ලිපිනයක් ලිවීමේදි ලිපිනයට යටින් තැපැල් ස්ථානයේ සoකේත අoකය යෙදීම සිදුවෙනවා. එමෙන්ම Ebay හෝ වෙනත් අන්තර්ජාල වෙබ්සයිට් වල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සoකේත අoකය උවමනා වෙනවා. එහෙත් බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සoකේත අoකය පවා හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මගේ මේ App එක භාවිතා කරන්න පුලුවන්.  

මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සoකේත අoකය ද නැතිනම් තැපැල් සoකේත අoකය සදහන් කර එම තැපැල් කාර්යාලයේ නම ද ලබා ගන්න පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.

Download Link
මේ මෙහි නිපැයුම්කරු ගැන ඔහුගේම වදනින් ..

මගේ නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 28 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths)

2006 වසරෙදි නාරාහේන්පිට  National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma  ව හැදැරුවා.  ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA, Computer hardware,networking,ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා.

වසර 2007 සිටම පුද්ගලික ආයතන කීපයකම IT රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT ADMINISTRATOR ලෙස වැඩ කරමින් ඉන්නවා.

මම පාසල් කාලයේ සිටම පොඩි පොඩි Softwares හදනවා. පූර්න කාලීනව මම Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. විනෝදාංශයක් ලෙස වෙලා තියෙන වේලාවට මේ වගේ පොඩි Softwares හදනවා. ඒවා Websites, Facebook, IT Magazine CDs හරහා ගොඩක් අය බාවිතා කරලා තියන බව මට ලැබෙන Comments වලින් පේනවා.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ