Saturday, February 15, 2014

ශ්‍රී ලංකාවෙන් හදුන්වාදෙන නවතම ජංගම දුරකථන ක්‍රීඩාව Ridiculous Juggling

Android පරිශීලකයින් වෙත ශ්‍රී ලංකාවෙන් හදුන්වාදෙන නවතම ජංගම දුරකථන ක්‍රීඩාව වන්නේ Ridiculous Juggling ක්‍රීඩාවයි. ඉතා අභියෝගාත්මක ක්‍රීඩා වලට කැමති අය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ නිර්මාණකරණය සඳහා සරල හැඩතල සහ වර්ණ පමණක් යොදාගෙන තිබීමයි.

මෙම ක්‍රීඩාවේ අරමුණ වන්නේ විශාල බෝලයක් භාවිතා කර තවත් කුඩා බෝලයක් හැකිතරම් වෙලාවක් බිම පතිත වීමට නොදී තබා ගැනීමයි. මගතොටේදී හෝ ලැබෙන සුළු විවේකයකදී හෝ වුවත් ක්‍රීඩා කළහැකි ආකාරයට මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත. මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ leaderboard එකක් මගින් ඔබගේ වැඩිම ලකුණු ප්‍රමාණය අනෙක් ක්‍රීඩකයන්ට දැනගන්නට සැලැස්විය හැකිවීමයි. ඉදිරියේදී තවත් පහසුකම් මෙයට ඇතුලත් කීරීමට නියමිතය.


Ridiculous Juggling ක්‍රීඩාව ඔබට Google Play ඔස්සේ නොමිලේ ලබාගත හැක.

Link


ක්‍රීඩාව රසවිඳ ඒ සම්බන්ධව ඔබගේ අදහස් reviews මගින් දන්වන්නේ නම් නිර්මාණකරු එය ඉතා අගය කොට සළකනු ලැබේ.

 

 


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ