Saturday, February 15, 2014

ලංකාවේ ඕනෑම නගර දෙකක් අතර දුර සැනින් බලාගන්න - SL Distance Finder

 මේ App එක මගින් Sri Lanka වේ  නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකිය. 

ඔබ කල යුතු වන්නේ ඔබට උවමනා නගර දෙක තෝරා Find button click කිරීම පමනි.
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.


Download Link:  


මේ මෙහි නිපැයුම්කරු ගැන ඔහුගේම වදනින් ..


මගේ නම පසන් රජිත වීරසේකර. පදිංචිය කැලනිය , හෙයියන්තුඩුව ප්‍රදේශයේ. වයස අවුරුදු 28 යි. පාසල් ගියේ කැලනිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි. (2004 A/L - Maths)

2006 වසරෙදි නාරාහේන්පිට  National Vocational Training Institute වලින් Computer System Designing & Programming Diploma  ව හැදැරුවා.  ඉන් පසුවත් තව ආයතන ගනනාවකින්ම MCP, MCSA, Computer hardware,networking,ecommerce, Ubuntu වැනි පාඨමාලා හැදෑරුවා.

වසර 2007 සිටම පුද්ගලික ආයතන කීපයකම IT රැකියාවල නිරත වුනා. දැන් කොලඹ පුද්ගලික ආයතනයක IT ADMINISTRATOR ලෙස වැඩ කරමින් ඉන්නවා.

මම පාසල් කාලයේ සිටම පොඩි පොඩි Softwares හදනවා. පූර්න කාලීනව මම Programmer කෙනෙක් ලෙස වැඩ කරන්නෙ නෑ. විනෝදාංශයක් ලෙස වෙලා තියෙන වේලාවට මේ වගේ පොඩි Softwares හදනවා. ඒවා Websites, Facebook, IT Magazine CDs හරහා ගොඩක් අය බාවිතා කරලා තියන බව මට ලැබෙන Comments වලින් පේනවා.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ