Thursday, February 13, 2014

අළුත්ම ‘දුරකථන’ app එක – “වාස්තු රහස්” නිකුත් වෙයි…

 වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව…
නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ සියල්ල ගැනම ඔබට කියා දෙන අපූරු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි, වාස්තු රහස්…


“දුරකථන” සඟරාවෙන් දියත් කෙරැණු, හෙළ බසින් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිපදවීමේ වැඩසටහන යටතේ ඔබ වෙත ඉදිරිපත් කෙරෙන තවත් වටිනා, ප්‍රයෝජනවත් මෙන්ම අධ්‍යාපනික වටිනාකමක් ඇති මෘදුකාංගයක් ලෙස “වාස්තු රහස්” ඔබ වෙත ‍නොමිලයේ පිරිනැමේ. පාරම්පරික වාස්තු විද්‍යාත්මක විශ්වාසයන්, සම්ප්‍රදායන් සමග නවීනතම වාස්තු විද්‍යා ක්‍රම‍වේදයන් ද මෙමගින් ගෙන එන අතර, ඊ‍ට අමතරව ‍චීන ‍ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ප්‍රායෝගික වාස්තු විද්‍යා රහස් රැසක් ද මේ මෘදුකාංග‍යේ අඩංගු වේ…

Google Play වෙත පිවිස Vasthu Rahas ලෙස ටයි් කර search කිරීමෙන් හෝ පහත දැක්වෙන ලිපිනයෙන් ඔබට මේ වටිනා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නොමිලයේම ඩවුන්ලෝඩ් කරගත හැකියි.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ