Friday, January 24, 2014

ජාත්‍යන්තර Nokia Windows app තරඟයෙන් ලංකාවට විශිෂ්ඨ ජයක්!

මෙම ලිපිය syco me වෙබ් අඩවියෙනි.. 

Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන හා පරිගණක කෙමෙන් සෙමෙන් ඉහළ යන අවදියක Nokia සමාගම විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර තරඟයකදී ජයග්‍රහණ හිමිකරගැනීමට ලාංකිකයින් දෙදෙනකු සමත්ව තිබෙනවා.  “Nokia Create” නමින් හැඳින්වුනු මේ තරඟය සංවිධානය කර ඇත්තේ mobile apps නිර්මාණය කරන්නන් windows apps නිර්මාණය සඳහා පෙළඹවීමක් ඇති කිරීමට යි. වැඩි වශයෙන් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිත වන උපකරණ නිපදවන්නේ Nokia සමාගම නිසා Windows Phone 8 සමඟ එක්කාසු වී මෙම තරඟය සංවිධානය කර ඇති බවයි පැවසෙන්නේ.


රටවල් 76ක mobile apps නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මේ තරඟයේ දී තාරක විජේබණ්ඩාර විසින් නිර්මාණය කරන ලද “Cover Cam” නම් windows app එක  “Image and Photo Master Mission” සම්මානයෙන්ද, හේෂාන් පතිරණ විසින් නිර්මාණය කරන ලද  ”Extreme Music” නම් windows app එක “Music Master Mission” සම්මානයෙන්ද පිදුම් ලැබීය. තාරක විජේබණ්ඩාර දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබන අතර හේෂාන් පතිරණ APIIT ආයතනයේ අධ්‍යාපනය හදාරයි.

Extreme Music

Heshan Pathirana

Cover Cam: The app

Tharaka Wijebandara

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ