Friday, January 24, 2014

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය දියුණු කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතුයි.

ශ‍්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ලංකාවට ආවේණික වූ ලක්‍ෂණවලින් යුත් ඉතා දියුණුවට පත්කළ හැකි වෛද්‍ය ක‍්‍රමයක් බවත් එම වෛද්‍ය ක‍්‍රමය දියුණු කිරීම තුළින් ඉහළ ප‍්‍රයෝජන ගතහැකි හෙයින් එම වෙද්‍ය ක‍්‍රමය දියුණු කිරීමට රජය සෑම පියවරක්ම ගන්නා බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඉකුත් 12 දා බස්නාහිර පළාත් සභාව විසින් ඉදිකරන ලද දිවුලපිටිය ආසනයේ අකරගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ප‍්‍රධාන ආයුර්වේද රෝහල් 3 ක් සහ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා 12 ක් පවතින අතර අකරගම ඉදිකරන ලද නව මධ්‍යම බෙහෙත් ශාලාව මගින්ද ප‍්‍රදේශවාසී විශාල පිරිසකට සෙත සැලසේ. 2011 වසරේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 22කි. මෙම ගොඩනැගිල්ල තුළ ආයුර්වේද මාධ්‍යම බෙහෙත් ශාලාව සහ දිස්ත‍්‍රික් ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයද ස්ථාපිත කිරීමට නියමිත අතර ආයුර්වේද ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මාසික රැුස්වීම් පැවැත්වීම සඳහා යොදා ගැනීමටද අපේක්‍ෂා කරයි. මෙම අවස්ථාවෙදී බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද බස්නාහිර පළාතේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ නාමාවලිය එළිදැක්වීමද සිදු විය.

එම අවස්ථාවෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප‍්‍රකාශ කළේය.

“ආයුර්වේද ක‍්‍රමයට ගම්පහ ඉතාමත් ප‍්‍රසිද්ධයි. ලංකාවේ ඕනම තැනකදි ගම්පහ වෙද මහත්තයෙක් හොයා ගන්න අපහසුවක් නැහැ. ආයුර්වේද විද්‍යලයත් මේ දිස්ත‍්‍රික්කයේ පිහිටලා තිබෙන්නෙ. ඒ වගේම නව ආයුර්වේද ක‍්‍රමයක් වන ගම්පහ ආයුර්වේද ක‍්‍රමයත් මේ දිස්ත‍්‍රික්කයෙන් බිහිවූවක්. අද විවෘත කරන ලද මේ ගොඩනැගිල්ල නිසා ගමේ විශාල පිරිසකට සේවයක් ලැබෙනවා. 




0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ