Thursday, December 12, 2013

Panthiya.com - ඉගෙනගන්න කැමති දූ දරුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්

මේ කියන්න හදන්නේ ශ්‍රී ලාංකීය පාසල් සිසු සිසුවියන් වෙනුවෙන්ම නිර්මාණය වුණු වෙබ් අඩවියක් ගැනයි. පංතිය.com නමින් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය පාසල් සිසුන් කීපදෙනෙකු අතින්ම නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

පාසල් සිසු සිසුවියන් හට එදිනෙදා අධ්‍යාපනික කටයුතු වලදී ඇතිවන විවිධ අධ්‍යාපනික ගැටළු සාකච්ඡා කිරීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. සාම්ප්‍රදායික අධ්‍යාපනික වෙබ් අඩවි මෙන් නොව මෙම පංතිය.comහි ක්‍රියාකාරිත්වය ඉතාමත්ම වෙනස් වූවකි. 

පංතිය.comහි ලියාපදිංචි වී සිටින සිසුන් හට තමන්ගේ ගැටළු එනම් තේරුම් ගැනීමට අපහසු විෂය කරුණු ආදිය පංතිය.com තුළ පළ කිරීමට හැකියාවක් පවතියි. මෙලස පංතිය.com වෙත එකතු වන ගැටළු පාසල් සිසුන් හටම comments කරමින් සාකච්ඡා කළ හැකිය. සරලව කිවහොත් එක් සිසුවෙකුගේ ගැටළුවකට පිළිතුර ලබා දෙන්නේද තවත් සිසුවෙක්මය. මෙලෙස සිසුන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු විසින් කරන ලද සාකච්ඡාවක් ඕනෑම සිසුවෙකුට නැරඹිය හැකි අතර එමඟින්ද යමක් ඉගෙනගැනීමට පුළුවන. 

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් මෙහි වටිනාකම තවත් හොඳින් ඔබට අවබෝධ කරගත හැකිය. 

පංතිය.com වෙත පිවිසීම සඳහා පරිගණකයක් අවශ්‍යම නැත. අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම ජංගම දුරකථනයකින් කිසිඳු කරදරයකින් තොරව භාවිතා කළ හැකිය. Android දුරකථන සඳහා විශේෂිත Android app එකක්ද නිර්මාණය කර ඇත. ඒ සඳහා ඔවුනට Variant Technologies ආයතනය සහයෝගය ලබා දී ඇත.

ඔබත් පාසල් සිසුවෙක් නම් අනිවාර්යයෙන්ම පංතිය.comහි ලියාපදිංචි වන්න. ඔබේ මිතුරු මිතුරියන්ටත් පංතිය.com වෙත ආරාධනා කරන්න.

වෙබ් අඩවියේ ලිපිනය - www.panthiya.com

ඔබ පාසල් අධ්‍යාපනය නිම කල අයෙක් නම් ඔබෙන්ද මෙම පාසල් දරුවන් උදව්වක් ඉල්ලා සිටියි. ඔබද පංතිය.comහි ලියාපදිංචි වී ඔබ ඉගෙනගත් දෙය මෙම දරුවන්හටද කියාදෙන්න. එය ඔබෙන් ශ්‍රී ලාංකීය දූ දරුවන් වෙත ඉටුවන විශාල සේවයක් ලෙස අප සලකන්නෙමු. මෙම වෙබ් අඩවිය සාර්ථක වන්නේ එය භාවිතා කරන දූදරුවන් සංඛ්‍යාව වැඩි වූ විටය. එම නිසා ඔබේ යහළුවන් හට, ඔබ හඳුනන පාසල් දරුවන් හට, ඔබේ දරුවන් හට කියන්න මේ පංතිය.com ගැන. පංතිය.comහි ලියාපදිංචි වීමට ඔවුන්ව උනන්දු කරවන්න.

පංතිය.comහි facebook පිටුව - https://www.facebook.com/panthiyacom



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ