තුන්වන අධිවේගය ලබන මස ජනතා අයිතියට. උතුරු අධිවේගයේ ඉදිකිරීමේ ජනවාරියේ.
මෙරට තුන්වන අධිවේගී මාර්ගය වන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව - කඩුවෙල මාර්ගය ලබන මස ජනතා අයිතියට පත්කෙරේ. අදියර තුනකින් යුක්තව ඉදිවන මෙම මාර්ගයේ කොට්ටාව - කඩවත මාර්ගය ද මේ වන විට 80% ක පමණ වැඩ අවසන් වී ඇත. එමෙන්ම කඩවත කෙරවලපිටිය මාර්ගයේ ද වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලැසුම් යොදා ඇත.කොට්ටාව - කඩුවෙල මාර්ගය සඳහා බිලියන 25 ක පමණ මුදලක් වැය කර ඇති අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 11 කි. මෙරට ඉදිවන දිගම ගුවන් පාලම් මාර්ගය ද සහිතව ඉදිවන මෙම මාර්ගයේ මහවැව ප්‍රදේශයේ කිලෝමීටර් 3.3 ක ගුවන් මාර්ගයක් ඉදිකර ඇත.
කොට්ටාව - කෙරවලපිටිය අතර සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 29.1 ක් වන අතර මේ සඳහා වැය කෙරෙන මුදල බිලියන 136 කි. එය කෙරවලපිටියේදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයටත් කොට්ටාවේදී මාතර අධිවේගී මාර්ගයටත් සම්බන්ධ වනු ඇත.
එමෙන්ම ජනවාරි මාසයේ උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබන ආරම්භ කෙරේ.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට සම්බන්ධ කොට එඬේරමුල්ල මීරිගම හරහා කුරුණෑගල දක්වා මෙහි පළමු අදියර ක‍්‍රියාත්මක කරනු ඇත.
එතැන් සිට එය මහනුවර දිස්ත‍්‍රික්කයේ කටුගස්තොට දක්වාද දඹුල්ල දක්වාද තවත් අදියර දෙකකින් අවසන් කිරීමට නියමිතය. මේ සදහා ගතවන කාලය වසර 3ක් හෝ 4ක් වේ.
මේ අතර දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස් ලබන ජනවාරියේ විවෘත කිරීමට නියමිතය. එදිනට එය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.
උපුටාගැනීම - http://nirmalakothalawala.lk/index.php?option=com_content&view=article&id=530
0 comments:
Post a Comment