Thursday, November 7, 2013

දකුණු ආසියාවේ විශාලතම තනි පුද්ගල හිමිකම ඇති විලාසිතා සාප්පු සංකීර්ණය හවුස් ඔෆ් ෆැෂන් බොරැල්ලේ

ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලංකාවේ නමගිය නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයක් වූ " හවුස් ඔෆ් ෆැෂන්" බොරැල්ලේ අලූත්ම ස්ථානයේ විවෘත කරනු ලැබුවා. දකුණු ආසියාවේ විශාලතම තනි පුද්ගල හිමිකම ඇති ඇඳුම් සාප්පුව ලෙස ලංකාවට ආඩම්බරය ඇති කර තිඛෙන හවුස් ඔෆ් ෆැෂන් ප්‍රීති ජයවර්ධන ව්‍යාපාරිකයාට හිමි තනි පුද්ගල ව්‍යාපාරයකි. වෘත්තියෙන් නාවිකයෙකුව සිටි ඔහු එම වෘත්තිය අතැර මුල්වරට මෙම සාප්පුව 1992 දී වැල්ලවත්ත ප්ලාසාහි වර්ගමීටර 400 ක කුඩා බිම් කඩක අරඹා තිබුණා. 

Facebook page - House of Fashions Mega Mall


හවුස් ඔෆ් ෆැෂන් දියුණු කිරීමට පාසල් ගුරුවරියක වූ ඔහුගේ බිරිය නීලා ජයවර්ධන ඔහුට දැක්වූ සහයෝගයද අතිශය ප්‍රයෝජනවත්වී තිඛෙනවා. 
විද්‍යා උපාධිධාරීයක වූ ඇය සත්ව විද්‍යාව උද්භිද විද්‍යාව ඉගැන්වීම්හි නිරතවූ පාසල් ගුරුවරියකි. ඔවුන් දෙදෙන එක්ව පාරිභෝගිකයින්ට වඩාත් අවශ්‍ය විලාසිතා දිවයිනේ අඩුම මිලට විකිණීමේ අරමුණින් ව්‍යාපාරය ව්‍යාප්ත කර තිබුණ අතර ඩුප්ලිකේෂන් පාරේ තට්ටු 5 ගොඩනැගිල්ලට එය රැගෙන ගියේ 1999දීය.


දෙස් විදෙස් සංචාරකයින්ට ලංකාවේ සාප්පු අත්දැකීම විඳගන්නට අපූරු ස්ථානයක් වූ හවුස් ඔෆ් ෆැෂන් අධික පාරිභෝගික ඉල්ලූම මත දැන් වඩා ඉඩකඩ ඇති තට්ටු 9ක විශාල ගොඩනැගිල්ලකට රැගෙන ඒම සිදුව තිඛෙනවා. 

පසුගිය දිනවල පැරණි හවුස් ඔෆ් ෆැෂන් පැවති ස්ථානයේ තොග අවසන් කිරීමේ සේල් එකක් පැවැත්වූ අතර එය 3වනදා රාත්‍රියේ අවසන් කිරීමට කටයුතු යොදා තිබුණ නමුත් මහා ජන ග`ග නිසා එය වසා දමන්නට බැරි තරමට මහජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා.එදා රාත්‍රී 9 ට පමණ හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා තීරණයක් ගෙන කියා සිටියේ 


"මේ ඇඳුම් ඔක්කොම මට අද ඉවරකරගන්න ඕන. ඒ නිසා සල්ලි ගෙවන පෝලීම් ඕන නෑ. මං මේ ඔක්කොම රැස්ව සිටින අයට නිකං දෙනවා. කැමති කෙනෙක් අසුවන අසුවන ඇඳුම අරන් යන්න" 

කියාය. මේ ලද අවසරයෙන් එහි සිටි විශාල පිරිසක් සාප්පුව හිස් කරගෙන ගිය අයුරු දෙස ප්‍රීති හා නීලා බලා සිටියේ සතුටිනි.




මේ ව්‍යාපාරය මේ තත්වයට ගෙන ඒමට මේ යුවළ විඳි දුක් වේදනා නිමක් නැති බවත් තරගකාරී සාප්පු වල විවිධ බාධක හා තවත් හේතු මත වැටි වැටී නැගිටුණ ආකාරය ගැන ඔවුන්ට දැන් සතුටු විය හැකි බවත් යුවළ කියා තිබුණා. එදා ඩුප්ලිකේෂන් සාප්පුව වසා දමන අවස්ථාවේ ඔවුන් සේවක පිරිස සමග එක්ව ඡායාරූප වලටද පෙනී සිටි අතර වසර 14 ක් ව්‍යාපාර කළ ස්ථානය හැරයන්ට සිදුවීම ගැන ඔවුන්ගේ දෑස් ක\ුලින් තෙමී ගොස් තිබුණා.

වාහන 350 ක රථගාලක්ද සමගින් බොරැල්ල සේනානායක පාරේ පැරණි කොලට්ස් ගොඩනැගිල්ල පැවති භූමියේ අලූත් හවුස් ඔෆ් ෆැෂන් පිහිටුවා තිඛෙනවා.





උපුටා ගැනිම  - www.gossip.lankamodel.com

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ