Sunday, October 6, 2013

කිරි පිටි සමාගම් ආහාර පනත අමුඅමුවේ උල්ලංඝණය කරයි

milk2
කිරිපිටි සමාගම් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමාගේ චක‍්‍රලේඛය උල්ලංඝනය කර ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පවසන්නේ ඒ මගින් අදාල සමාගම් ආහාර පනත උල්ලංඝණය කර ඇති බවයි.

නිවේදනයේ මෙසේද දැක්වේ


‘‘ඞී සී ඞී” ක්ලොස්ට‍්‍රීඩියම් බොට්යුලිනම් අඩංගු නොවන බවට තහවුරු කිරීම සම්බන්ධව නමැති ශීර්ෂය යටතේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා විසින් 2013/09/04 දින නිකුත්කරන ලද චක‍්‍රලේඛනය කිරිපිටි සමාගම් විසින් අමු අමුවේ උල්ලංගනය කොට ඇත.

එම චක‍්‍රලේඛනයට අනුව අදාල දැනුම්දීම කිරි පිටි පැකට්වල මුද්‍රණය කිරීම හෝ පුවත්පත් දැන්වීම් මගින් පල කිරිමට අවසර ලබාදී ඇත. එහෙත් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යන වචනය සහ රජයේ ලාංඡනය යොදා නොගතයුතු බව ඉතා පැහැදිලිව එම චක‍්‍රලේඛනය මගින් උපදෙස් ලබාදී ඇත.

මේ වන විට සෑම පුවත්පත් දැන්වීමකම සහ කිරිපිටි පැකට් වල එම නිවේදනය ප‍්‍රසිද්ධ කොට ඇත්තේ  රාජ්‍ය ලාංඡනය සෞඛ්‍ය අමාත්‍යාංශය යන වචන සහිතවය. ඒ අනුව මෙම සමාගම් ඒ මගින් ආහාර පනත උල්ලංගනය කොට ඇති බැවින් ඊට අදාලව වහාම නීතිමය පියවර ගන්නා ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/101832/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ