Sunday, October 6, 2013

පරිසර හිතකාමී ෆෝන් එකක්... ලෝකය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යන් බේරාගැනීමට අපි අපේ යුතුකම ඉටුකරමු...


1185764_510703039011631_1490181693_n
 http://www.phonebloks.com/

ඔබත් අදම මෙයට දායක වී ලෝකය බේරාගන්න එකතුවන්න.

ඔබේ ෆෝන් එකේ එක කොටසක් පමනක් කැඩුනුවිට එය සම්පුර්නෙන් ඉවත්කරන්න වෙනවා නේද.නැතිනම් අපේ ෆෝන් එකේ මොකක් හරි අඩුවක් දැනුනොත් එය මාරුකරන්න හිතෙනවා නේද.අලුත් එකක් ආවමත් තියන එක විසිකරන්න හිතෙනවා නේද.. මේ හැම දෙයකින්ම වෙන්නෙ අප පරිසරයට ඉතාමත් විශ සහිත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු වීමයි. ඉතින් අපට මෙය නවත්වන්න බැරිද..? 

මෙන්න ඒ ප්‍රශ්නෙට අලුත් විදියට හිතපු පිරිසක් දුන්නු පිලියමක්.. "බ්ලොක්" විදියට හදපු ෆෝන් එකක්.ඕනම කෙනෙක්ට තමන්ට අවශ්ය විදියට වෙනස් කරන් පාවිචි කරන්න පුලුවන්. ඒ වගේම කැඩුනු කෑල්ල ලේසියෙන්ම මාරු කරන්න පුලුවන්. ෆොටෝ ගන්න ඕන කෙනාට ලොකු කැමරාවක් සෙට් කරගන්න පුලුවන්. වැඩි කතා කාලයක් ඕනකෙනාට ලොකු බැටරියක් සෙට් කරගන්න පුලුවන්. 

මේ සංකල්පය ෆෝන් සමාගම් වලට තේරුම් කරල දෙන්න නම් මුලු ලෝකෙම පරිසරයට ආදරේ අය එකතු වෙලා හඩක් නගන්න ඕන.මේ ඒ සදහා කාලයයි. පහත ලින්ක් එකෙන් ගොස් ඔබගේ ට්විටර් හෝ ෆේස්බුක් ගිනුම භාවිතා කර වැඩිපුර මිතුරන් එකතු කරන්න. පරිසරය රැක ගන්න දායක වන්න.... 

www.phonebloks.com 


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ