Saturday, August 3, 2013

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ගමනට විනාඩි 20යි

988240_541964772517267_238310630_nකොළඹ සිට කටුනායක දක්වා බලා දිවෙන කිලෝ මීටර් 26කින් යුත් අධිවේගී මාර්ගය සැප්තැම්බර් මස විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොළඹ කටුනායක අධිවේගි මාර්ගය වසර 40කට ආසන්න කාලයක් විවිධ රජයන් මගින් කි‍්‍රයාත්මක කිරීමට අදහස් කලද එය සිදු නොවිණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් මෙම අධිවේග මාර්ගයේ කටයුතු වසර 2008දී ආරම්භකර වසර 05ක් ඇතුළතදී නිමකරන ලදී.

 කොළඹ කටුනායක අධිවේගී මාර්ග නිරීක්ෂණය කිරීමට ජුලි 14වැනිදා එහි ගිය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ දේශීය ඉංජිනේරුවන් විසින් ඉදිකිරීම් කටයුතු කරගෙන යන මෙම අධිවේගී මාර්ගයෙන් කොළඹ කටුනායක වාහන තදබදය මඟ හැරෙන බවය. කොළඹ කටුනායක අධිවේගි මාර්ගය ලංකාවේ දෙවැනි අධිවේගි මාර්ගය වන අතර කැලණිය පෑලියගොඩ ඇරඹෙන එය කටුනායකින් අවසන් වේ. පෑලියගොඩ, කෙරවලපිටිය, ජාඇල යන ස්ථානවලදී අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04ක්ඇති අතර මෙය මංතීරු 06කින් සමන්විතය. පැයට කිලෝමීටර් 100 ධාවන වේගයකින් මෙහි ගමන්කල හැකි අතර අවසාන ගමනාන්තය දක්වා වැයවන කාලය විනාඩි 20කි. 

දක්ෂිණ අධිවේගි මාර්ගය සහ මෙම අධිවේගී මාර්ගය යා කිරීමේ කටයුතු දැන් අවසාන අදියරේ පවතී. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයන්හි නියම ප‍්‍රතිඵල ලබාගැනීමට නම් උතුරු අධිවේගී මාර්ගයද ඇතිකල යුතු බවත් රජය රජය මගින්් එහි මූලික කටයුතු දැනටමත් ආරම්භකර ඇති බවත්ය. උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි පළමු අදියර ලෙස එඩේරමුල්ලේ සිට අඹේපුස්ස දක්වාත්, දෙවන අදියර ලෙස මිරිගම සිට පැල්ලන්දෙනිය දක්වා මාර්ගයත්, තෙවන අදියර ලෙස අඹේපුස්ස සිට මහනුවර දක්වාත් යන මාර්ග අදියර තුනක් යටතේ ඉදිකිරීමට සැළසුම්කර තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේ‍්‍රමසිරි යන මහත්වරුන් ඇතුළු ජේෂ්ඨ නිළධාරින් රැසක්ම සහභාගී වූහ. 
988240_541964772517267_238310630_n



1013514_541964812517263_1327334727_n

1014136_541964759183935_1645692929_n

1069301_541964839183927_1485888266_n

Fullscreen+capture+832013+73529+PM

1011977_541964802517264_95071182_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ