Wednesday, July 24, 2013

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සැප්තැම්බරයේ ජනතා අයිතියට

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සැප්තැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කෙරේ. මාර්ගයේ දිග කිලෝමීටර් 25 - 8 කි. යොදවා ඇති වියදම අමෙරිකානු ඩොලර් මිලියන 330කි.

මෙය මෙරට ඉදිවන දෙවන අධිවේගී මාර්ගයයි. මෙය ඉදිවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පැමිණෙන දෙස් විදෙස් මගීන්ට මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් තුළදී කොළඹට ළඟාවීමට හැකි වේ.

පෑලියගොඩ ‍වටරවුම අසලින් අධි‍වේගී මාර්ගය ආරම්භ කෙරෙන අතර කෙරවලපිටිය, ජා - ඇළ, කටුනායක හා ගුවන්තොටුපළ පිවිසුම් මාර්ග වලින් ප්‍රවිෂ්ට වීමට හැකි වේ.

මේ මාර්ගය කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයට මෙන්ම කොළඹ පිටත අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාව -ගාල්ල අධි‍‍වේගී මාර්ගයන් සමඟද සම්බන්ධ වේ.

මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව සංවර්ධිත මාර්ග මෙන්ම කඩිනම් ගමනාගමන පහසුකම් ලබාදී‍මේ අරමුණින් ඉදිකළ මේ අධිවේගී මාර්ගය මේ වන විටත් විශාල ප්‍රමාණයක ඉදිකිරීම් නිමකර ඇති බවත් සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කරන බවත් මහාමාර්ග හා වරාය ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ