Sunday, July 14, 2013

සුන්දර ගම්පහ වැඩසටහනින් බියගමට ශරීර සුවතා මංතීරුවක් ......

48155_534614189906826_341540351_nThe Biyagama Jogging tracks were opened by Minister Basil Rajapaksa 

කොළඹ නුවර නව මාර්ගයේ සියඹලාපේ හන්දිය අසල ඉදිකරන ලද ශරීර සුවතා මංතීරුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට ඉකුත්දා පවරනු ලැබීය. බියගම මැතිවරණ කොට්ඨාසයේ ඉදිකරන ලද මෙම ශරීර සුවතා මංතීරුවේ දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙකකි.

 එය දැකුම්කළු ස්ථානයක ඉදිකර තිබීම මෙහි විශේෂත්වයකි. සුන්දර ගම්පහ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගංගා, දිය ඇළි ආශ්‍රිත ප්‍රදේශ කළමනාකරණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ සැමට නිරෝගී බවේ සතුට ලබාදීමේ බලාපොරොත්තුවෙන් මෙය ඉදිකර ඇත. ශරීර සුවතා සඳහා ඇවිදීම ව්‍යායාමයක් ලෙස 17වන සියවසේ මැද භාගයේ බ්‍රිතාන්‍යයේ දී ආරම්භ වූ අතර ඇවිදීම, ව්‍යායාම කිරීම නිරෝගි දිවි පෙවෙතකට අතවශ්‍ය බව වෛද්‍ය මතයයි. 


ව්‍යායාම කිරීම තුළින් කාර්යක්ෂම හා ඵලදායි ජීවිතයකට මඟ පෑදෙන අතර එය පවුලක සහ රටක සංවර්ධනය කෙරෙහි බලපාන වැදගත් සාධකයකි. මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලංසා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවි විජේසේකර, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල සහ එහි උප සභාපති කැළුම් විජේලත් යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ. 

48155_534614189906826_341540351_n

1000731_645667435466367_1159098169_n

1005615_645666985466412_1306325753_n

1016270_645667185466392_640223562_n


උපුටා ගෑනීම -   Anura S. Liyanage Target-news -news.lk-Monday, 15 July 2013

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ