Thursday, June 6, 2013

මොබයිල් ෆෝන් එකෙන් @ දාන්න ඕනද..? Mention with mobile

408559_451821958241734_1728763150_nමුළින්ම බලමු මොකද්ද මේ "mention" කියන්නෙ කියල. වචනෙ තේරුම ගත්තොත් එන්නෙ මතක් කිරීම, සඳහන් කිරීම වගේ දෙයක්. ඔව්, ෆේස්බුක් තුලදි කොහේ හරි යමක් ලියද්දි අපි වෙන කාගෙ හරි නමක් යොදා ගන්නව නම් අපි ඉස්සර කරේ අදාල කෙනාගෙ ෆේස්බුක් නම ටයිප් කරපු එක. නමුත් මෑතක ඉඳල පුළුවන් අදාල කෙනාගෙ නම, එයාගෙ ප්‍රොෆයිල් එකට ලින්ක් එකක් විධියට ටයිප් කරන්න. ඒක කමෙන්ට්, ස්ටේටස් හෝ ෆොටෝ එකකදි නම් යොදා ගත්තෙ, ඒ බව කියල අදාල කෙනාට නොටිෆිකේෂන් එකකුත් යනව. හරියට ටැග් කරනව වගේ වැඩක් තමයි මේක. ඔන්න ඕක තමයි "mention" කියන්නෙ.
උදා: http://goo.gl/mVYEE

කොම්පියුටර් එකේදි නම් @ මාක් එකත් එක්කල නම ටයිප් කරාම හරි. ඒත් ඔපෙරාමිනි වලින් එන අයට මේක කරන්න බෑනෙ. ඔන්න ඉතින් ඒක ගැන ඊයෙ එක්කෙනෙක් අපේ පේජ් එකෙත් අහල තිබ්බ. මම එයාට උත්තරේ දීල ඉවර වෙනකොටම හිතුන මේකට සරල විසඳුමක් ගේන්න ඕන කියල. හිතුව වගේම මම ඒක කරා. දැන් ඉතින් copy-paste නැති අයට දුක් වෙන්න නම් වෙනව.

ඔයා කමෙන්ට්, ස්ටේටස් හෝ ෆොටෝ එකක් දාද්දි යමෙක් mention කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ අදාල කෙනාගෙ profile url එක අපේ අඩවියට දීල, එතනදි එන කෝඩ් එක ඕන තෙනකට ගෙනල්ල දාන එක විතරයි. එතනදි profile විතරක් නෙවෙයි fan page උනත් වැඩ කරනව. තව දෙයක් ඒ කෝඩ් එකේ කොටස් දෙකක් තියෙනව.

උදාහරණයක් විධියට මේක ගත්තොත් @ [335047146585883:Singlish For Mobile]
මේකෙ @[ වලින් පස්සෙ : වෙනකල් තියෙන්නෙ ID එක, ඊට පස්සෙ තියෙන්නෙ Name එක. කමෙන්ට් එකක් වගේ දාද්දි සම්පූර්ණ නම දාන එක කැතයි වගේ නම් මේ නමෙන් කොටසක් ඉවත් කරල දාන්න පුළුවන්. ඒ කිව්වෙ @ [335047146585883:Singlish] වගේ. නමුත් නම වෙනුවට වෙන මොනා හරි දැම්මොත් ඒක වෙනුවට සම්පූර්ණ නම් වැටෙනව.

පිවිසෙන්න: http://singlishformobile.tk/mention.php

තේරුනාද දන්නෙ නැහැ. ප්‍රශ්න තියේ නම් අහන්න.

>> යාළුවන්ත මේ ගැන දැන ගන්න, ෂෙයා කරන්න <<
>> මෙවැනි අලුත් දේවල් ඉදිරිය්දීත් දැන ගැනීමට අප පිටුවට ඇවිත් ලයික් කරන්න Singlish For Mobile <<

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ