Thursday, June 13, 2013

ඉරණමඩු ගුවන් පථය සෑදුනු හැටි...

944434_631943023505475_1236821448_n
ඉරණමඩු ගුවන් පථය වෙනිදා 15 වෙනිදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට ගුවන් හමුදා පිරිස් බලය සහ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයි. මෙහි සැලසුම්, ඉංජිනේරු, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවෙනි.

 එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලතම ගුවන් යානය වන සී - 130 ගුවන් යානය පවා මෙම ගුවන් පථය මත ගොඩබැස්සවීමට හැකි පරිදි මෙය නිර්මාණය කර ඇත. කිළිනොච්චිය ඉරණමඩු ගුවන් පථය වෙත පැමිණිය හැකි මාර්ග දෙකකි. මාන්කුලම්, අම්බගාමම්, ඕලූමඩු හරහා පැමිණිය හැකි අතර අනෙක් මාර්ගය කිලිනොච්චිය වට්ටකච්චි, රාමනාදපුරම් හා කල්මඩු ඔස්සේද එහි ළගා විය හැකිය. තිස්වසරක් පුරා ඉරණමඩුව කොටි මධ්‍යස්ථානයක් විය . 
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වාර්තාවක් තබමින් ඉදිකල මෙම ගුවන් පථයත් සමග මන්නාරම" වව්නියාව, පලාලි ඇතලූව උතුරු පලාත සඳහා ගුවන් පථ හතරක් වෙයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වව්නියාව සහ පලාලි ගුවන් තොටුපලවල් අතර ගමනාන්තයන් කෙටි කරමින් ඉන් අතර මැදට ඉරණමඩු ගුවන් පථය එක් වීමයි. 

2009 ජුනි මස 21 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ අනුමැතිය ඇතිව ගුවන් භටයින් 20 දෙනෙකුගෙන් හා බලඝණ නායක රූපසිංහ බලඝණ නායක ජයතිලක පියාසර නිළධාරී ඕවිටපාන යන අයගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පැමිණ 2009 ජුනි මස 22 වන දින ඉරණමඩු ගුවන් හමුදා කුඩා කඳවුරක් ලෙස ස්ථාපිත කර ඇත. පසුව 2009 අගෝස්තු මස 14 වන දින ප්‍රථම වරට ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා ධජය ඔසවන ලද අතර ඒ සඳහා නිළධාරීන් තිදෙනෙකු එක් බලලත් නිළධාරීයෙකු හා ගුවන් භටයින් 12 දෙනෙකු සහභාගී විය. 2011 අගෝස්තු මස 03 වන දින ඉරණමඩු ගුවන් හමුදා පහිනාංකය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඉරණමඩු බවට පත් විය. එහි ප්‍රථම අණදෙන නිළධාරී වශයෙන් විංග් කමාන්ඩර් එච්.එම්.සී රූපසිංහ මහතා පත් විය. 


Anura S. Liyanage Target-news -2013 ජූනි මස 13 - දීපා අධිකාරී


600298_631944490171995_1434826987_n

944434_631943023505475_1236821448_n

969182_631943640172080_276523214_n

1003295_631943173505460_556943281_n

1004415_631946416838469_1342410791_n

1010732_631944813505296_1736704627_n

1013768_631943340172110_487589208_n

1013792_631943960172048_1113334101_n

1017474_631945856838525_1315901040_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ