Sunday, May 26, 2013

ඇමෙරිකාවේ සිටින අපේ අලි තුන්දෙනා ලංකාවම ජනප්‍රිය කරයි



වොෂින්ටන් ජාතික සත්චෝද්‍යානහි දැන් ශ්‍රී ලංකාවේ අලින් තිදෙනෙකු සිටිති. එයින් දෙදෙනෙකු පොඩි කාලයේ පින්නවල අලි අනාථාගාරයේ එකට සිට පසුකලෙක ඇමෙරිකාවවෙත ගෙනයනුලැබූ අලින්ය. අනෙකා වොෂින්ටන් හිදී උපතලද පැටවෙකි.

නමින් ශාන්ති, කන්ඩුල සහ බෝසී වන මේ අලින් තුන්දෙනා දැන් වොෂින්ටන් සත්තුවත්තේ වඩාත්ම ජනප්‍රිය සතුන් බවට පත්වී ඇත.ඇමෙරිකාවට බෝසී ඇතින්න පින්නවල සිට ගෙනයන ලද්දේ 1976දීය. ඒවනවිට අයගේ වයස අවුරුද්දක් පිරුනා පමණකි.ඇය කලින් කලට ඇමෙරිකාවේ සත්වෝද්‍යාන කිහිපයකම ජීවත්විය.

බොසී ඇතින්න චිත්‍ර ඇඳීමේ දක්ෂතාවයක් දක්වන බවට විශාල ප්‍රසිද්ධියක්ද ලබා ගෙනසිටී. අයගේ මේ දක්ෂතාවය පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා ඇමෙරිකාවේ ප්‍රධානපෙලේ පුවත්පත්, සඟරා සහ රුපවාහිනී මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ ප්‍රචාරයවෙයි. මේ හේතුවෙන් ඇය "අද්විතීය කුසලතා ඇති ඇතින්නක" ලෙසටද නමක් ඇතිකර ගැනීමට සමත්ව සිටී.

 දැනටතිස්අටවන වියේ පසුවන ඇය වොෂින්ටන් සත්තුවත්තට මාරුකරන ලද්දේ එහික්‍රියාත්මකවන සත්ව ප්‍රති ජනන වැඩපිළිවෙල සඳහා සහාය කර ගැනීම උදෙසා බව සත්වෝද්‍යානය මඟින් නිකුත්කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
වොෂින්ටන් සත්තුවත්තේ ඉන්නා ශාන්ති ඇතින්න බොසී සමඟ පින්නවල එකට සිටි ඇතින්නකි. ශාන්ති ඉපදී ඇත්තේද 1975 දීය. ශ්‍රීලංකාවේ දරු දැරියන්ගේ තෑග්ගක් ලෙස ශාන්ති අලිපැටවා වොෂින්ටන් සත්තු වත්තට ලබාදුන්නේ 1976දීය. 2001 නොවැම්බර් 21 වනදා වොෂින්ටන් ජාතික සත්තු වත්තේදී ඇයටලැබුන අලිපැටවා නම්කරන ලද්දේ කණ්ඩුල ලෙසිනි.

මේ අලින්ට අමතරව ඉන්දියාවෙන් ලබාගත් දැනට වයස අවුරුදු 65ක් වන අම්බිකා නම්වූ වියපත් ඇතින්නක්ද වොෂින්ටන් සත්තු වත්තේ සිටී.

මේ අලින්හට එක රංචුවක් ලෙස සිටීමේ පහසුව බලාපොරොත්තුවෙන් වොෂින්ටන් සත්තුවත්තේ ඩොලර් මිලියන 56ක් වැයකරමින් නවතම අලි ගාලක් නිර්මාණය කර ඇත. අලින්හට ඇවිද යාමට ඉඩ ලබාදෙමින් විශාල බිම්ප්‍රමාණයක නිර්මාණය කර ඇති එම කුටියේ වැට කඩොලු තනා නැත. ඒ වෙනුවට දියඅගල් නිර්මාණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන සත්තුවත්තේ පශුවෛද්‍ය දොන් මුවර් කියන්නේ "අපගේ අලින් රංචුවක් ලෙස ඉඩ පහඩු ඇතිව එකට ඉන්නට සැලැස්වීම අපගේ බලාපොරොත්තුවයි. එකිනෙකා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම අලින්අතර ඇති සුවිසේශී භෞතිකගුණාංගයක්. හොඳ මතකයක් ඇති නිසා ශාන්ති සහ බොසී ට ශ්‍රී ලංකාවේ දී එකටසිටි කාලය ගැන මතක්වේවි කියා අපි තුල විශාල බලාපොරොත්තුවක් තියෙනවා. එසේවුවහොත් ඔවුන්ගේ එකමුතුකම ස්ථිරවීමට එය විශාල උපකාරයක් වේවි." කියාය.

"කොහොමනමුත් විශාල ඉඩප්‍රමාණයක් ඇති මෙවන් පරිසරයක අලි හතරදෙනෙකු නිදැල්ලේසිටිනු දැකීම අපගේ සත්තු වත්ත නැරඹීමට පැමිණෙන හැමදෙනාටම අමතක නොවනඅත්දැකීමක් වන බවනම් නිසැක වශයෙන්ම කිවහැකි" බවද  ඔහු කීවේය.

අලුතින්නිර්මාණයකරන ලද අලිගාල සකස්කිරීමේදී වඩාත්ම සැලකිලිමත්වුයේ සතුන්දැකබලාගැනීමට පැමිණෙන මහජනතාවගේ සැප පහසුවට වඩා සතුන්ට හැකිතරම් ඉඩකඩ සහිතස්වාභාවික පරිසරයක් සකස්කරදීම බවද ඔවුන් කියා ඇත. - ලංකාදීප



0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ