Sunday, April 21, 2013

අපේ දක්ශ නව නිර්මාණකරුවකු Call කලහැකි හෙල්මටයක් සාදයි

අද අපේ රටේ වැඩි දෙනෙක් ලග බයික් තියෙනවා. ඒවගේ යනකොට කෝල් එකක් ගන්න උනොත් බයික් එක නවත්තල පොන් එක අරන් හෙල්මට් එක අස්සේ ගහගෙන කතා කරන්න ඕනි එක ලොකු කරදරයක් නේද ඒ අත්දැකීම මට වගේම ඔයාලටත් තියෙනවනේ.

තවත් ප්‍රශ්නයක් තමයි දෙන්නෙක් එක්ක බයිසිකලේ යනකොට කතා කරන්න ගියාම උගුර රිදෙනකන් කෑගහන්න ඕනි. ඉතින් මට හිතුනා මේ ප්‍රශ්න දෙකටම විසදුමක් දෙන හෙල්මට් එකක් හදන්න. තවම මේක සම්පුර්ණයෙන්ම හදල ඉවර නෑ පුළුවන් තරම් ඉක්මනට හදල ඉවරවෙලා ඔයාලට බලන්න දාන්නම්. මට මේකට ඔයාලගේ උදවු ඕනි.

මේ නිර්මාණය ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා කොමෙන්ට් කරන්න...





ඔහුගේ පැරනි නිර්මානය -
ඕනෑම දුරක් මැනියහැකි උපකරනයක් ශ්‍රී  ලාංකික  දක්ශයෙක් හදයි.

මේ වගේ නිර්මාණයක් ලෝකේ වෙන කොහේ හරි දැකල තියෙනවද? මේක ගැන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න.

මෙම නිර්මානය පිලිබදව ඔබගේ අදහස් 0724650442 /0757305214ට දන්වන්න.

 

ඔය video එක බැලුවම මේ නිර්මාණය ගැන අදහසක් ලැබෙයි. මේකෙන් ඕනිම හැඩයක තියෙන මාර්ගයක හෝ වස්තුවක දුර මැනගන්න පුළුවන්. මම දන්නා තරමින් මෙහෙම දෙයක් තවම කවුරුත් නිර්මාණය කරලා නෑ. මම මේ නිර්මාණය හදලා ගොඩක් කල් වෙනවා. මේකේ වටිනාකමක් තියෙනවනම් මේ මෙම නිර්මාණය වැඩිදියුණු කරන්න පුළුවන් ආයතනයක් හෝ පුද්ගලයෙක් මාව සම්බන්ද කරගන්න.


නිර්මානකරු - Tharindu Weerasekara
නිර්මානකරුගේ 11 නාලිකාව -  මෙතනින් 





0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ