Sunday, April 21, 2013

35,000ක් අතුරින් අනුරාධ කුරේ 14 වෙයි

.com/blogger_img_proxy/33 වැනි ලන්ඩන් මැරතන් තරගාවලියේදී 35,000ට වැඩි තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ධාවන ශූර අනුරාධ කුරේ සමත්ව තිබේ. 

ඔහු තරගය නිම කිරීම සඳහා පැය 2යි විනාඩි 17යි තත්පර 53කදී තරගය නිමකර ඇත. 

මෙම තරගයේ පළමු හා තෙවන ස්ථාන ඉතියෝපියාවත් දෙවන ස්ථානය කෙන්යාවත් නියෝජනය කළ ක්‍රීඩකයින් විසින් හිමිකර ගෙන ඇත. 


ලන්ඩන් වේලාවෙන් අද (21) පෙරවරු 10.00ට පමණ මෙම තරගය පවත්වා තිබේ. 

පසුගිය වසරේ පැවති 32 වන ලන්ඩන් මැරතන් උළෙල නියෝජනය කළ ඔහු පැය 02 මිනිත්තු 17 තත්පර 50 න් එම තරගය නිමාකිරීමට සමත්විය. 

‍එහිදී තරගකරුවන් 37, 500 දෙනෙකු පමණ ලන්ඩන් මැරතන් තරගය සඳහා සහභාගි වී ඇත. 

ඔහු එවර තරගාවලියේදී 23 වන ස්ථානය හිමිකරගෙන තිබේ. 

.com/blogger_img_proxy/

.com/blogger_img_proxy/

.com/

.com/blogger_img_proxy/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ