Sunday, April 21, 2013

කොළඹ කොටුව - රාගම තෙවැනි දුම්රිය මග විවෘත වේ

MP KW NEW-RAIL ROAD
කොළඹ කොටුව සිට රාගම දක්වා වූ තෙවැනි දුම්රිය මාර්ගය වාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
 
මෙම අවස්ථාවට සමඟාමී ව කැලණි පාලම හා කැලණිය දුම්රිය ස්ථානයේ තෙවැනි වේදිකාව විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
 
ඔරුගොඩවත්ත සිට කැලණිය දක්වා කිලෝමීටර් 02.06ක් වූ මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේ වුවද ඒ දෙපස වු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා වසර 03ක් ගත වූ අතර මාර්ගය ඉදිකිරීම ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය. 
 
පස් පිරවීම සහ දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 325ක් ද,  ප‍්‍රධාන පාලමට අමතර ව කුඩා පාලම් දෙකක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 75ක් ද, දුම්රිය ස්ථානයේ වේදිකාව ඉදිකිරීම සඳහා රුපියල් මිලයන 03ක් ද, විදුලි සංඥා පද්ධතිය සඳහා රුපියල් මිලියන 39ක් වැය කොට ඇත. 
 
ඔස්ටි‍්‍රයා රජයෙන් ඉදිකළ කැලණි ප‍්‍රධාන පාලම සඳහා රුපියල් මිලියන 900ක් ලබා දී ඇත. ඒ අනුව දුම්රිය මාර්ගය, ඇතුළු සියලු ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1342ක් වැය වී ඇත. 
 
සතියේ දිනවල රාගම සිට කොළඹ කොටුව දක්වා වූ දුම්රිය මාර්ගයේ තිබූ තදබදය අවම කිරීම මෙම නව මාර්ගය ඉදිකිරීමේ අරමුණ වී ඇත. 
 
කොළඹ කොටුවේ සිට රාගම දක්වා වූ තෙවැනි දුම්රිය මාර්ගය විවෘත කිරීම දුම්රිය මාර්ග තදබදයට විසඳුමක් වන  බවත් ඉදිරියේ දී පොල්ගහවෙල සිට මහව දක්වා ද්විත්ව මාර්ග ඉදිකිරීම අරමුණ බවත්  අද වනවිට දුම්රිය දෛනික ආදායම රුපියල් මිලියන 02කින් වැඩි වී ඇති බවත් අමාතය කුමාර වෙල්ගම මහතා පැවසිය.
 
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා ඇතුළු දුම්රිය නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. - news.lk
 
MP KW NEW-RAIL ROAD

MP KW NEW-RAIL ROAD 1

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ