Sunday, April 21, 2013

හම්බන්තොට වරාය තුළ සීනි පිරිපහදු කර්මාන්තශාලාවක්


 ඉන්දීය සීනි සමාගමක ආධාර මත හම්බන්තොට වරාය තුළ නව සීනි පිරිපහදු කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජිත මුදල ඇමෙරිකානු ඩොලර් 220ක් බවට ගණන් බලා තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක්
පසුගියදා අදාළ ඉන්දීය සමාගමේ නියෝජිතයින් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතර පැවැත්විණි.

ඉන්දීය සීනි සමාගම සඳහන් කරනුයේ මෙම කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමඟ ඍජු රැකියා 300ක් සහ වක්‍ර රැකියා 1,500ක් පමණ සැලසෙන බවයි. එසේම හම්බන්තොට වරාය ආශ්‍රිතව විවිධ ආයෝජකයින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබේ.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ