Sunday, April 21, 2013

ඉන්දියාවට ඇගලූම් අපනයනයට බදු සහන


ඉන්දු ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙද ගිවිසුම යටතේ ශී‍්‍ර ලංකාවෙන් ඉන්දියාවට අපනයන කෙරෙන නිමි ඇදුම් ප‍්‍රමාණය ඉහල නැංවීමට ශී‍්‍ර ලංකාව කළ ඉල්ලිමට ඉන්දයාව එකඟතාව පල කරයි.

පසුගියදා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවු ඉන්දිය කර්මාන්ත වාණිජ හා ඇගලූම් අමාත්‍ය ආනන්ද් ශර්මා මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සහනය හිමිවී ඇත.

මේ සම්බන්දයෙන් නිල ලේඛණ බාරදීම පසුගියදා ඉන්දිය මහකොමසාර්ස් කාර්යාලයේදී සිදු විය.

පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකාවෙන් ඉන්දියාව වෙත අපනයනය කෙරෙන ඇගලූම් සදහා පැවති 11%ක බද්ද මේ වන විට 5% දක්වා අඩුවී තිබෙන බවත්, ඒ අනුව වැඩි ඇගලූම් ප‍්‍රමාණයක් අපනයනය කිරීමට ශී‍්‍ර ලංකාවට හැකි වෙනු ඇති බවත් මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ශී‍්‍ර ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කෙරෙන සත්ව නිෂ්පාදන වෙනුවෙන් ලබාදෙන ආරක්ෂණ සහතිකයේ කාලසීමාව ද දීර්ඝ කිරීමට ඉන්දියාව කි‍්‍රයා කළ බව ද පසුගිය දා ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ