Saturday, March 7, 2015

wanni මෙහෙයුමේ අලුත්ම විස්තර 100% ලාංකීය ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාව

10931045_1037692606247495_8343737658982469785_n+-+Copy
battlefield,call of duty , මේ නාමයන් නොඇසුනු මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද තරුණයන් නොමැත හේතුව වනුයේ මෙම පරිඝණක ක්‍රීඩා යනු ලෝකයේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩාවන්වේ. ලොව ප්‍රමුඛ පෙළේ පරිඝණක කේත කරන සමාගම් ඔස්සේ මෙම ක්‍රීඩාවන් නිර්මාණය වනු ඇත. බෝහෝ විට පරිඝණක නිර්මාණය කීරීම සංවර්ධිත රාජ්‍යයන් පමණක් සීමා වී ඇත. ආසියාතික රාජ්‍යයන් ඔස්සේ පරිඝණක ක්‍රීඩා නිර්මාණය වීම බෝහෝ දුරට ඉතා පහළ මට්ටමක පවතී , මේ අනුව මෙරට වුවද එය ඉතාමත් දුර්වලම මට්ටමක පවතීනු ඇත. විටක තාක්ෂණීක දැනුම,ශ්‍රමය යනාදී කරුණු එම අභියෝගය බාධාවන් වී තිබේ. 

ඉතින් මේ සියලුම අභියෝගවලට අභියෝග කරමින් ලාංකීකයන් දෙදෙනෙකු විසින් විශිෂ්ට ගණයේ පරිඝණක ක්‍රීඩාවක් නිර්මාණය කර තීබේ .one person shooter ක්‍රීඩා විලාශයට නිර්මාණය වු මෙම යුධමය ක්‍රීඩාවේ බීටා සංස්කරණය මෙම වසරේ  ඔබට ලබා ගත හැක. නමින් එය වන්නි මෙහෙයුමයි. ඉතින් මෙම ක්‍රීඩාව පිළිබඳ තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට සුදානම් . මෙම වන්නි මෙහෙයුමේ ප්‍රධාන සැළසුමි නිර්මාණ ශීල්පීයා ලෙස ක්‍රීයා කරනුයේ සමීර විරාජ් සහ මෙම ක්‍රීඩාවේ නිර්මාතෘ හා game developer ලෙස ක්‍රියා කරන්නේ Nishan Fernando වේ .

download+now


මුලින් ම දැනගන්න ආසයි නිශාන් ඇයි ඔබ මේ වගේ පරිඝණක ක්‍රීඩාවක් නිර්මාණය කීරීමට සිතුවේ ?

ඇත්ත වශයෙන්ම කිවොත් මෙම ක්‍රීඩාව නිර්මාණය කරන්න මට හිතුවේ අප රටේ තිබුනු කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ ඒ යුධ විරුවන් වෙනුවෙන් අප යම් දෙයක් කළයුතුයි. මක්නිසාදයත් අද ශ්‍රීලංකීකයා නිදහස නිදහසක් ලෙස බුක්තී විදින්නේ ඒ ඔවුන් නිසාවෙනී. එමනිසා මම මගේ හැකියාව යොදාගනිම්න් ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා ,අන්න ඒ දෙයිහි ප්‍රතිථලයකී මෙය.

මෙම පරිඝණක ක්‍රීඩාව නිර්මාණය කීරීම ආරම්භ වුයේ කවදා වගේද ?

ඇත්තටම මෙය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී

ඒ කියන්නේ දැනට වසර 5ක් ගෙවී ගොස් තිබෙනවා කවදා වගේ මෙම ක්‍රීඩාව ඔබ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ද?

ඇත්තටම දැනට මෙහි නිර්මාණ විශාල කොටසක් අවසන් වී තිබේ , ඒ කියන්නේ සියලු ගේම් මෙහෙයුම් අවසන් නමුත් තවමත් මුහුණ තියෙන ගැටලුවක් වනුයේ ක්‍රීඩාවට අවශ්‍ය ශබ්දයන් පිළිබඳ ගැටලුවයි .දැනට මම ඒ සඳහා තරුණ පිරිසගෙන් සහය ලබාගන්නවා . මක්නිසාදයත් ක්‍රීඩාව යුධමය බැවින් ඒ සඳහා අවශ්‍ය තාත්වික ශබ්ද ඉතාමත් වැදගත් නැතහොත් එහි සාර්ථකවත්යට ගැටලුවකී. මෙම වසර අගභාගයේදී මෙය නිකුත් කරන්න හැකි වේ යැයි මම බලාපොරොත්තු වෙනවා.

ඕනැම දෙයකට අද වන විට නිශාන් මිලක් නියම වෙනවා අනිවාර්්‍ය යෙන් ඔබේ මේ නිර්මාණයටත් මිලක් නියම වී ඇත . ඉතින් ඔබ මේ ලබා ගන්නා ආදයමින් කුමක් කරන්න බලාපොරොත්තුව?

මම මුලින් කීවා පරිදි මෙය නිර්මාණ කීරීමට සිතුවිල්ල පහළ වුනේ අපේ රණවිරුවන් නිසා වෙනී . එමනිසා මෙය විකුණුමෙන් ලැබෙන මුදල අපගේ ආබාධිත රණවිරුන් වෙනුවෙන් යෙදීවීමයි මගේ බලාපොරොත්තුව .

ඔබ ගැනත් කෙටි විස්තරයක් දැන ගන්න කැමති ?

මම ඇත්තටම පරිඝණක ක්ෂේත්‍ර දැනට වසර 18 විතර වෙනවා . මම මේ වන විට ජීවත්වන්නේ ජර්මනීයේ . මම සේවය කරනු ලබන්නේ මයික්‍රෝෙසා්ෆ්ටි සමාගමට මෘදුකාංග නිර්මාණය කරන hi tec store gmbh හි. එමෙන්ම මම පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්න පටන් ගත්තේ 2002 වසරේ සිටන්.

මෙම ක්‍රීඩාවට භාවිතාවන තාක්ෂණය ගැන අදහසක් පළ කලොත් , මෙම game එක හදන්නෙ arma 2 combined operations එක base කරගෙන .

අවසාන ලෙස ඔබ මෙරට පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්න කැමති පිරිස වෙනුවෙන් පණිවුඩයක් තිබේද?

ඔවි මම දැනට සැලැසුම් කරගෙන යනවා ලංකාව තුළ කණ්ඩායමක් සකස් කරන්න ඉතින් මාත් එක්ක එකතුවෙන්න කැමති අයට මම ආරධනා කරනවා . කැමති අයට මාව සම්බන්ධ කරගන්න පුළුවන් . ඔවුන්ට අවශ්‍ය මුලික දේ මෘදුකාංග කේත කරනය පිලිබඳ දැනුම වේ.   sl-game-developer@web.de මගේ විද්‍යුත් ලිපිනය

ඉතින් අවසාන ලෙස ප්‍රකාශ කීරීමට ඇත්තේ ලංකීක ඉතිහාසයේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක් වු වන්නි මෙහෙයුම ලෙසින්ම මෙම පරිගණක ක්‍රීඩාවක් වු වන්නී මෙහෙයුමද ලංකීක පරිගණක තාක්ෂණ තුළ වෙනස්ව මාර්ගයක් ඇති කරනු නොඅනුමානයී. ස්තුතියි නිශාන් අප සමගින් එක් වීමට.

මෙම වන්නි මෙහෙයුමට ඔබ සුදානමින්ද ? එසේනම් ඔබේ පරිගණකයත් මේ අවශ්‍යතා සපුරා ඇත්දැයි බලන්න 

උපුටා ගැනීම - http://cyberpanhinda.com/සිතුවිලි/වන්නි-මෙහෙයුම-ලංකාවේ-ප්‍/


553296_1016514841698605_6607774198566804718_n

944891_654005991282827_813915894_n

1238292_724907214192704_733308584_n

1461040_758192270864198_1306087222_n




0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ