Thursday, December 11, 2014

ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට

.com/blogger_img_proxy/ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම් සකසාගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළට ඉල්ලුමක් පවතින අමෙරිකා හා යුරෝපීය නියමු රහිත ගුවන්යානාවලට බෙහෙවින් සමාන ඉහළම තාක්ෂණයෙන් හා සිත්ගන්නා සුළු පෙමකින් යුත් මේ යානය ආසියාවේ නිර්මාණයක් බවට බැලූ බැල්මට නොපෙනෙන බවද මධ්‍ය පරිමාණයේ ගුවන්යානයක් වන මෙහි බර කිලෝ පහක් පමණ වෙයි. පැයකට කිලෝමීටර් අසූවක වේගයෙන් ගමන් කළ හැකිය. කිලෝ දෙකක බර රැගෙන යාමට පිළිවන. බැටරියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.
‘‘පියාපත් කවාකාරය. බඳ මාළුවකුගේ හැඩයකින් යුක්තය. මෙම හැඩ හේතුවෙන් සුළඟට දක්වන ප්‍රතිරෝධය අඩුය.“ 

UAV Team University of Moratuwa | Facebook


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ