Friday, December 19, 2014

ශ්‍රි ලංකවේ ප්‍රථමවරට මොරටුව සරසවියෙන් සාර්ථක ලෙස නිමකළ වායු පීඩන මාපකයක් හඳුවාදෙයි..

.com/blogger_img_proxy/රෝගියකුට සැත්කමක් කිරීමේදී රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කරන ‘නාඩි වායු මාපකය‘ නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලි සංදේශ ඉංජිනේරු අංශය සමත්වූ බව අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් මහතා පැවසීය.
වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකි අන්දමේ සාර්ථක ලෙස නිමකළ වායු පීඩන මාපකයක් මෙරට නිපැදවූ මුල්ම අවස්ථාව මෙයයි.
මෙම නාඩි වායු මාපකය යොදාගෙන නොබෝදා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී බෙහෙවින් අවදානම් හා සියුම් සැත්කමක් ඉතා සාර්ථකව සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් සමත් විය.
ශල්‍යාගාරයේදී මෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට වායු පීඩන මාපකය බෙහෙවින් වැදගත් නිරීක්ෂණ මෙවලමකි.
වායු පීඩන මාපක අධික මිලක් ගෙවා විදෙස් රටවලින් ආනයනය කළ යුතුය.
මොරටු විශ්ව විද්‍යාලය ලබාගත් සාර්ථකත්වය සමග නාඩි වායු මාපක විශ්ව විද්‍යාලය තුළ නිපදවා රෝහල්වල අවශ්‍යතාවය සපුරාලීමේ කාර්යභාරය ඉටු කිරීමේ සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බව ආචාර්ය අජිත් පැස්කුවල් සඳහන් කළේය.
වායු පීඩන මාපක නිපදවීමට හැකි අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක් ප්‍රීමියම් ඉන්ටනැෂනල් ආයතනය විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කර ඇත.
ආචාර්ය නුවන් දයානන්ද මහතාගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ අනුරුද්ධ තෙන්නකෝන් සහ තිළිණ අඹගහවත්ත පර්යේෂණ ඉංජිනේරුවන් මෙම නිර්මාණය බිහි කළේය.
.com/blogger_img_proxy/
-------------------------------------------------------------------------------------------------------------------------
Dance ?
10429464_10204371848629870_7669271376804644164_n 
xxx






0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ