Sunday, December 14, 2014

ලක් සූපවේදීහු ලක් ලකුණ රනින් තබති

gannadeshiyade siyalla.lkසූපවේදී ලෝක කුසලාන මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්‍රී ලංකා සූපවේදීහු සමත්වූහ.
එයිට්කන් ස්පෙන්ස් සමාගමේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් දහසය දෙනකු මෙම දස්කම් දැක්වූහ.
ජර්මනියේ ලස්සම්බර්ග් නුවර පැවති මෙම තරඟාවලියට ලෝකයේ රටවල් 120 කින් සූපවේදීහු 14,000 ක් ආහ.
කණ්ඩායම් නායක කුමාරසිංහ මහතාට සූපවේදී ලෝක කුසලාන තරඟාවලි සංවිධායක මණ්ඩලයේ යාවජීව සාමාජිකත්වය හිමිවිය. මොහු මෙම තනතුරට පත් ආසියාවේ පළමුවැනියාද වන්නේය.
කසුන් ප්‍රේමචන්ද්‍ර (හෙරිටන්ස් අහුන්ගල්ල), මංජුල වික්‍රම (ටාජ් සමුද්‍රා), ගනේෂ් හසරැල් (කිංස්බරි), ලසිත් කවිරත්න (චායා ට්‍රාන්ස්), මනෝජ් පීරිස් (හෙරිටන්ස් අහුන්ගල්ල), ඩී.ජේ.මංජුල (හෙරිටන්ස් අහුන්ගල්ල), තුෂාන්ත වීරසිංහ (ජෙරාඩ් මැන්දිස් චොක්ලට් සමාගම), ප්‍රියන්ත වීරසිංහ (සිනමන් බේ), නුවන් ද සිල්වා (බෙන්තොට බීච්), රවීන්ද්‍ර ජිනදාස (ජෙට්වින් බ්ලූ), කපිල ද සිල්වා (හෙරිටන්ස් අහුන්ගල්ල), ප්‍රදීප් ද සිල්වා (සෙන්තාරා), අතුල කොඩිකාර (සෆයාර් වැල්ලවත්ත), නන්දික වීරමන් (සිනමන් ග්‍රෑන්ඩ්), නලින නාරම්පනාව (යුනිලීවර්), තිලක් සේනාරත්න (බැන්ඩන්) තරඟකරුවෝ වූහ.
ජෙරාඩ් මැන්දිස් මහතා කළමනාකරු ලෙස හා මාධව වීරරත්න මහතා සංවිධායක ලෙසද මෙම තරඟාවලියට සහභාගී විය. [source : Lankadeepa.lk]
ganna ape de

English / Sinhala Google Translator http://goo.gl/w8sFem

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ