Wednesday, September 10, 2014

වේරැස්ගඟ ව්‍යාපෘතියේ බෙල්ලන්විල අදියර විවෘත කෙරේ

මෙයින් උපුටා ගන්නා ලදී.​ nethfm.com
වේරැස්ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල අදියර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ රාති‍්‍ර විවෘත කෙරුණා.

සුළු වැස්සකදී පවා බෙල්ලන්විල සහ ආශි‍්‍රත ප‍්‍රදේශවල ඇති වන ජල ගැලීම් වළක්වාලීම මෙහි ප‍්‍රමුඛ අපේක්‍ෂාවයි.

ජලය නිසි පරිදි කළමණාකරණය කර පුරන් වී ඇති කුඹුරු නැවත අස්වැද්දීම මෙම ව්‍යාපෘතියේ තවත් අපේක්‍ෂාවක් වනවා.

ශාරිරික සුවතා කි‍්‍රයාකාරකම් සදහා ප‍්‍රදේශවාසීන්ට ස්ථානයක් සකස් කර දීමද නගර අලංකරණය ද මෙහි සෙසු අපේක්‍ෂායි.

අක්කර 37 ක් පුරා විහිදුනු ජල රැදවුම් තටාකයක්, පාපැදි මංතීරුවක් සහ ඇවිදීමේ මංතීරුවක් අදාළ ව්‍යාපෘතියට ඇතුළත් වනවා.

අවිධිමත් ලෙස ඉදිකර තිබූ තාවකාලික අළෙවි කුටි වෙනුවෙට විධිමත්ව සකස් කෙරුණු ආකර්ශනීය වෙළද කුටි පෙළක්ද ඊට ඇතුළත්.








0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ