Monday, August 25, 2014

ෆ්ලොටින් මාර්කට් Floating Market Pettah පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය

ෆ්ලොටින් මාර්කට් Floating Market Pettah පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය 

කොළඹ නගරයේ අලංකාරය ඉහළ නංවන අතරම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගනිමින් කොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකරන ලද පාවෙන වෙළෙඳ සංකීර්ණය (25) පස්වරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.


නාගරික සංවර්ධන අධිකාරිය කොටුව හා පිටකොටුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් අනවසර වෙළෙඳසැල් වෙනුවට සැලසුම්ගත ආකරයට නවීන වෙළෙඳ සංකීර්ණ ඉදිකරමින් පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ අලුතින් ඉදිකළ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

එම වෙළෙඳ සංකීර්ණය පසුගිය 22 වැනි දා විවෘත කිරීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවෘත කිරීම කල් දැමීමට සිදුවිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙය ඉදිකර තිබේ.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ