Sunday, August 24, 2014

පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම හෙට

DSCF5921-2-600x400
පිටකොටුවේ බැස්ටියන් මාවතේ ඉදිකරන ලද පාවෙන වෙළෙඳ සංකීර්ණය හෙට (25) පස්වරු 5.00ට විවෘත කරන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම වෙළෙඳ සංකීර්ණය පසුගිය 22 වැනි දා විවෘත කිරීමට නියමිත ව තිබුණත් අයහපත් කාලගුණ තත්ත්වය නිසා විවෘත කිරීමේ දිනය වෙනස් විය.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන අමුත්තා ලෙස උත්සවයට සහභාගීවීමට නියමිතය. රජයේ මැති ඇමතිවරුන් මෙන් ම පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් ද මේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වෙති.


වෙළෙඳ කුටි 100කින් පමණ සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණයේ දේශීය නිපැයුම් අලෙවි කිරීමට අවස්ථාව තිබේ. බැස්ටියන් මාවතේ පරණ වෙළෙඳසැල් ඉවත් කර ඒ වෙනුවට මෙම දියමත පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙය ඉදිකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ