Thursday, August 14, 2014

ශ්‍රී ලාංකිකයකු සතු ප්‍රථම තරු පහේ සුපිරි හෝටලය ඩුබායිහිදී විවෘත වේ

ඇමෙරිකානු ඩොලර් මිලියන 225 ක්‌ ආයෝජනය කරමින් ඩුබායිහිදී තරු පහේ හෝටලයක සාඩම්බර හිමිකරුවකු වීමට ශ්‍රී ලාංකිකයකු සමත්ව සිටියි. Marriott At Jaddat යනුවෙන් නම් කරන ලද මෙම සුපිරි හෝටලය ලෝ සුපතල Marriott වෙළෙඳ නාමය සමග ඒකාබද්ධ වූවකි. ලොව පුරා රටවල් 60 ක මෙම තරු පන්තියට අයත් හෝටල් 500 ක්‌ පමණ ක්‍රියාත්මක වේ.

විදේශයක මෙවන් සුවිශාල ආයෝජනයක්‌ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයාද වන මොහු නමින් නන්දන ලොකුවිතාන සිලෝන් ස්‌ටීල් කෝපරේෂන් ලිමිටඩ්හි පූර්ණ හිමිකාරිත්වයද ඔහු සතුය.
සිය ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ අංශ තුනක්‌ ඔහුගේ අවධානයට ලක්‌ව ඇත. ඒ ඇඟලුම්, බැර කර්මාන්ත හා හෝටල් යන ක්‍ෂේත්‍රයන්ය.

පසුගිය ජනවාරියේදී ඩුබායිහිදී අභිනව හෝටලය සංචාරකයන්ට පහසුකම් සැලසීම ආරම්භ කළත් ලබන සැප්තැම්බර් මාසයේදී මෙය නිල වශයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කිරීම සිදු වනු ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ප්‍රභූන් පිරිසකට ඩුබායිවලට ආරාධනා කිරීමටද ඔහු අපේක්‍ෂා කරයි.

එක්‌සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අමතරව සිංහ ධජය ලෙළදෙන එකම ස්‌ථානයද මෙම හෝටලය බව ලොකුවිතාන මහතා අභිමානයෙන් සඳහන් කරයි. ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට විනාඩි 10 කින් මෙම හෝටලයට ළගා විය හැකිය. මෙම හෝටලයේ අධි සුඛෝපභෝගී කාමර 351 ක්‌ හා එපාර්ට්‌මන්ට්‌ (apartments) 128 ක්‌ ද වේ. නවීන සංචාරක පුරවරයක්‌ ලෙස ආකර්ෂණය දිනාගත් ඩුබායි වලට අද දස දෙසින් සංචාරකයෝ ඇදෙමින් සිටිති. යෝධ සාප්පු සංකීර්ණ ස්‌වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්‌ථාන මෙන්ම විවිධ සමරු සිහිවටන ද මෙම හෝටලයට නුදුරු පරිශ්‍රය තුළ නොඅඩුව පවතී. ඒ සියල්ල යා කෙරෙන ප්‍රවාහන සේවා පද්ධතියක්‌ හා සංචාරක මග පෙන්වන කාර්යක්‍ෂම කාර්ය මණ්‌ඩලයක්‌ද මෙහි සිටිති.

හෝටලයේ මෙහෙයුම් කටයුතු සඳහා සේවක සේවිකාවන් 550 ක්‌ පමණ සිටින අතර ශ්‍රී ලාංකික පිරිසක්‌ද ඊට අයත් වෙති. සංචාරක විඩා දුරලමින් ඔවුන්ට අපූර්ව වින්දනයක්‌ සලසා දීම මෙම හෝටලයේ අරමුණ බවද එහි සභාපති නන්දන ලොකු විතාන මහතා කියයි.





King Guest Room

All day dining Market Place


The Market Place – Salad Bar


0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ