Thursday, June 26, 2014

පිලිස්සුණ රෝගීන් රඳවාගෙන නොමි‍ලේ සුවය දෙන ජීවකයා - මිද්දෙණියේ ගුණදාස වීරසිංහ වෙදමහතා

rrrrr
 හතළිස් වසරක් පුරා පිලිස්සුම් සහිත රෝගීන් තම නිවසේ නතර කර ගනිමින් කිසිදු මුදල් අය කිරීමකින් තොරව ප්‍රතිකාර කර සුවපත් වූ පසු ඔවුන්ගේ නිවෙස් කරා යවන වෙද මහතෙක් මිද්දෙනිය, මුරුංගස්යායේ ජීවත් වෙයි.



මෙම වෙද මහතාගේ නිවස කරා යන විටත් රෝගීන් පස්දෙනකු ඔහුගේ නිවසේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අතර විසි දෙනකු පමණ ප්‍රතිකාර ලබා ගොස් සිටියහ.ඇඹිලිපිටිය, කොළඹගෙආර පදිංචි ජී.පී. ජනක (32) අදහස් දක්වමින්, මට දරුවන් තිදෙනෙක් සිටින අතර රැකියාව ලෙස ආපනශාලාවල සේවය කරනවා. මේ දවසේ තෙල් තාච්චිය ළිපේ තියලා හොඳටම රත් වුණහම බයිට් ටික තාච්චියට දාන්න හැදුවා විතරයි පය ලිස්සා මම තෙල් තාච්චිය උඩ වැටුණා.

මාව සම්පූර්ණයෙන් පිච්චුණා. රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් මට තාමත් ඇවිදීමටත් අපහසුයි.ඒ අතරේ අඳුනන අයෙක් මිද්දෙණියේ ගුණදාස වීරසිංහ වෙදමහතා ගැන කිව්වා. මම පැමිණ ප්‍රතිකාර ගන්නවා. දැන් මට ඇවිදින්න පුළුවන්. තුවාලත් ගොඩාක් සනීපයි.

දැනට ඉතිරිව තියෙන්නේ පිටේ සහ කකු‍ලේ තුවාල කීපයක් පමණයි. අපේ ගෙදරින් මාව බලන්න එන අයට පුදුමයි මට ඇවිදින්න පුළුවන් කීවහම.මේ වෙද මහතා ඔහුගේ නිවසේ අපි නතර කර ගත්තට ඉඩමදි නිසා අපට ඇඳන් දීලා ඔහු බිම නිදා ගන්නවා. රජය හෝ යම් සංවිධානයක් මොහුට අපි වගේ ලෙඩුන් නතර කර ගැනීම සඳහා කාමර දෙකක් හදලා දෙනවා නම් මහඟු පින්කමක් වනවා යැයි පැවසීය.

ඇඹිලිපිටිය, උදාගමේ පදිංචි චතුරි තරංගා නමැති දෙදරු මවක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇය තම අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.මා බරපතළ ලෙස පිලිස්සී ඇඹිලිපිටිය අවිස්සාවේල්ල රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගත්තා. ඒත් අඩුවක් වුණේ නෑ. ඒ අතර අඳුනන අයෙක් මිද්දෙණියේ ගුණදාස වීරසිංහ වෙද මහතා ගැන කීවා. මම ඇවිත් දැනට දින හයයි. දැන් ඇවිදින්න පුළුවන්. කකු‍ලේ තුවාලය විතරයි තියෙන්නේ. මෙතුමාගේ නිවස බලන්න. ඉතා ලොකු ගෙයක් නමෛයි නේද? ඒත් අපිට ඇඳන් දීලා කන්න බොන්න දීලා තියාගෙන ඉන්නවා. එයාගේ ගේ ඇතුළේ. මෙහෙම  වෙන කෙනෙක් මෙහෙම කරයිද? සමහර විට දරුවෝ නෝනා ගෙවල් අතහැර යාවි. ඒත් මේ ගෙදර දරුවෝ හාමිනේ ඇතුළු සියලුම දෙනා රෝගීන්ට උපස්ථාන කරනවා. බේත් හදා දෙනවා. රජයෙන් හෝ පරිත්‍යාගශීලීයෙක් ඉදිරිපත් වී රෝගීන්ට නතරවීමට ‍පොඩි කාමරයක් හදලා දෙනවා නම් රෝගීන්ට මෙන්ම වෙද මහතාටත් පහසුවක් යැයි පැවසීය.

ගුණදාස වීරසිංහ වෙද මහතා : මම වයස අවුරුදු 18දී රෝගීන්ට ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. අද වන විට අවුරුදු 40ක් අඛණ්ඩව රෝගීන් සුවපත් කරනවා. සමහරු දන්සල් දෙනවා. විවිධ පින්කම් කරනවා. මම මේ දේ පින් පිණිස කැපවී කරනවා. දරුවන්ටත් දැන් පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඉදිරියටත් ඇති හැකි පමණින් මම පින්කමෙහි නියැළෙනවා.මෙවනි උතුම් පුද්ගලයන් සමාන වන්නේ බෝසත් චරිතවලට පමණි.
පී.කේ. ලියනගේ - මිද්දෙණිය
Source : rivira.lk
tttr

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ