Sunday, June 29, 2014

පාසල් දැරියක් කළ හපන්කමක්...

bike
නව නිපයුමි මවන තරුෂිගෙන් ඉවතලන පාපැදි හා යතුරු පැදි කොටස් වලින් පාසල්යාමට යතුරු පැදියක් නිපදවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ කොටිඨාශයේ ගොණකුඹුර පදිංචි ආර්.පි.තරුෂි විදුසිකා රාජපක්ෂ
දියණිය නව නිපයුමි සමස්ථ ලංකා වටයේදි පවා ජයග්‍රහණ ලබා ඇති අයෙකි. ර/ගෝණකුඹුර මහා විදුහලේ 9 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන ඇය නව නිපයුමි තරගාවලියට විවිධ නිර්මාණ රුසක් නිපදවිමට සමත්වි ඇති අතර මෙවර ඇය ඉවතලන පාපැදි හායතුරු පැදි කොටස් වලින් යතුරු පැදියක් නිපදවිමට සමත්වි ඇත. නව නිපයුමි සදහා විශාල වියදමක් දැරිමට සිදුවිම නිසා මුදල් අඩුවෙන් වැයවන නිර්මාණ පමණක් දැනට සිදු කල බව ඇය පවසයි. “ මුලින්ම අතිගරු ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා අපිවාගේ නව නිපයුමි කරණ දරු-දරියන්ට උසස් අධ්‍යාපනයේදි විෂය ධාරාවක් හදුන්වාදිම ගැන එම තාක්ෂණික විෂය ධාරාව තුලින් තාක්ෂණික හැකියාවක් ඇති අපිවාගේ අයට ඉදිරියට යන්න නව මාවතක් විවර කිරිමක් ලෙස හැදින් විය හැකිය. නව නිර්මාණයක් සිදු කිරිමට අද විශාල වියදමක් දරන්න සිදුවෙනවා ,සමහර විට නිර්මාණයක් නිර්මාණය කරණ විට උපකර්ණ යොදා ගෙන එයට වඩාත්ම ගැලපෙන උපකරණයට යෙදිය යුතුයි. එවිට ඒ සදහා අවශ්‍ය මුදල් යොදවන්න අපිට ආර්ථික ශක්තියක් නොමැති කම නිසා අපේ ආර්ථිකයට හරියන ඉවතලන දුව්‍ය එකතුකරගෙන දැනට නිර්මාණ කරණවා,පාසල් වලට නව නිර්මාණ කිරිම සදහා පහසුකමි ලැබෙනවානමි ඉතා හොදයි. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් උදවි ලැබෙනවා නමි අපිවාගේ අයගෙන් බොහෝ නව නිර්මාණ රටට බිහි වෙයි.ඇය පවසන්නීය.



bik22

bik33
tttr
in-t  adv-2

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ