Monday, May 26, 2014

මල් පෝච්චියත් ආනයනය කරන අදකාලෙ, මේ පුංචි දේශීය නිෂ්පාදකයා රටටම ආඩම්බරකි.

maal2
මල් පෝච්චියත් ආනයනය කරන අදකාලෙ, අපිටම ගැලපෙන, මල්ව්ගාවටම ගැලපෙන තාක්ශණය සහිතව මල් පෝච්චි නිපදවන තරුණයෙකු ගැන අපිට දැනගන්න ලැබුන..මේ ඒගැනයි. ස්වයං රැකියාවක් ලෙස මල් පොච්චි හදන්න හිතපු මේ අපෙ තරුණයගෙ නම ධම්මික. මේ පෝච්චි ගැන ධම්මික අපිට එවපු  විස්තර..

No.1 Quality DK GEO Pots for Orchid, Dendrobium, Anthurium and Other Flower Plants.

"ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වගාවන් සඳහාම නිර්දේශිත DK GEO Pots දැන් ඔබට ඉතා පහසු මිලකට ලබාගත හැකයි මේ පිළිබඳව කාලයක් අත්හදාබැලීම් කරල මෙම නිශ්පාදන පෙල ඉදිරිපත් කිරිමට හැකිවීම ගැන මෙහි නිෂ්පාදක ලේස මම ඉතා සතුටුවෙනව."

විශ්ෂයෙන් වගාවන් සදහා වෙළදපොලේ ඇති සාමාන්‍ය Net Pots සහ ප්ලාස්‍ටික්‍ මල් පෝච්චි භාවිතයෙන් එම පැල නිසැකවම බාල වීමක් සිදුවන අතර එයට හේතුව නිශ්පාදකයන් මිලෙන් අඩු ඉවතලන නොයෙකුත් ප්ලාස්‍ටික්‍ උපකරණ කුඩු කර ලබා ගන්නා අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කරනු ලබන බඳුන් තුලින් ශාකයට අහිතකර රබර්, නයිලෝන්, කාබන් සහ නොයෙක් විෂ සහිත රසායනික සංයෝගයන් මාධ්‍යට තුලට කාන්දුවීම බවද ශ්‍රී ලංකා ප්‍රවීන ඇන්තූරියම් හා උඩවැඩියා පර්යේෂකයන් විසින් පෙන්වාදී ඇත.

10409994_10203191692506806_1820090431_n

ඔබ ලෝකයේ ප්‍රධාන පෙලේ තවාන් කරැවන්ගේ විශ්වාසය දිනූ DK GEO Pots පමණක්ම මිලදී ගත යුත්තේ ඇයි?

* 100% ශාකයේ වැඞීම බාල නොවන බවට සහතික කරනලද එකම නිශ්පාදනය වීම.
* 100% ශාකයට ඉතා අහිතකර නයිලෝන්, රබර්, කාබන් සහ නොයෙක් විෂ රසායනිකයන් රහිත වීම.
* වර්ණ ගැන්වීම සදහා විෂ රහිත Food Grade Masterbatch පමණක් යොදාගැනීම.
* Black Rot, Fungal Root Rot, Collar Rot වැනි දිලීර රෝග හටගැනීම වලකන උස්වූ අඩිය.
* ඉතා දිගුකල් පැවැත්ම.
* ශක්තිමත් සිත්ඇදගන්නාසුඑ නිමාව.
* අවම මිල සහ උපරිම විශ්වාසනීයත්වය.

අප වෙතින් ලබාගතහැකි DK GEO Pots ප්‍රමාණ: 14 cm, 10.5 cm සහ 12 cm ((Special Moisture Control Pots for Orchid & Anthurium plants))
දුම්රිය ප්‍රවාහන සේවාව මගින් අපගේ නිශ්පාදන ගෙන්වාගත හැක*

* වාණිජමය ඇන්තුරියම්‍ සහ ඕකිඩ් වගාවන් පිළිබඳ නිවැරදි තාක්ෂනික දැනුම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීනතම උපදේශකවරැන් වෙත යොමුකෙරේ.

ඒ තමයි ධම්මික අපට ලබාදුන්න විස්තර මේ ගැන උනන්දු වෙන අයට තවත් විස්තර අවශ්යනම්  077-2221195 යන අංකට අමතන්න කියල කියන ගමන්ම තත්වයෙන් උසස් තවාන් බඳුන් මිලදී ගැනීමේදී DK GEO නම තිබේදැයි හොදින් පරීක්ෂාකර බලන්න කියලත් කියන්න ධම්මික අමතක කලේ නැහැ.

නිසැකවම දේශීය නිශ්පාදන අගය කරන සැමගේ ඇගයීමට මේවැනු පුන්චි නමුත් රටට විදේශවිනිමය ඉතිරිකරදෙන දෙන ව්‍යාපාරිකයින් ආරක්ශාකලයුතුයි..

DK GEO Facebook page :  www.facebook.com/dkplasticpots

10405797_10203191692626809_1372014644_n

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ