Monday, April 28, 2014

විදුලිය නිපදවීමේ නව ක්‍රමයක් ශ්‍රි ලාංකික නව නිර්මාණකරුවෙකුගෙන්

el

අපේ රටෙ නිපදව විදුලියෙන් වැඩි ප්‍රමණයක් නිද වනු ලබන්නේ ජලය උපයෝගිකරගෙනයි.

ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම අපේ රටෙත් බලශක්ති අර්බුධයට විසඳුම් සොයමින් අත්හදාබැලීම් සිදුරයි. මේ සඳහා විසඳුමක් ලෙස නව නිර්මාණයක් බිහිරීමට ශ්‍රි ලාංකියෙකු සමත්ව සිටිනවා


ඔහු කෑගල්ලෙ රූපසිංහ මල්ලව මහතායි.



mallava
කෑගල්ල, ගලිගමුව, හරිගල ප්‍රදේශයේ පදිංචි වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙකු වන රූපසිංහ මල්ලව මහතා අඩු ජලධාරිතාවකින් විදුලිය නිපදවිය හැකි නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. ඔහු මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ පොත් පත් සහ අත්දැකීම් ආශ්‍රයෙන් ලබා ගත් දැනුම උපයෝගී කර ගනිමින් වසර 04 ක පමණ කාලයක් තුළ සිදුකළ පර්යේෂණවලින් අනතුරුවයි. ද්‍රව හෝ අර්ධ ද්‍රවයකින් තිරස්ව යොදන තෙරපුම් බලය මත යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය සිදුවනවා. ඒ අනුව ජලය, ග්‍රීස් හෝ ඒ හා සමාන වෙනත් ද්‍රව්‍යක් මේ සදහා භාවිතා කළ හැකියි.මෙම යන්ත්‍රයට තෙරපුම් බලය ලබා ගැනීම සදහා භාවිතා කරන්නේ ජලයයි.ඉහලින් පිහිටා ඇති මේ ජල ටැංකියෙන් ජල දහරාවන් දෙකක් මෙම පිස්ටන් දෙක වෙත යොමු කිරීමෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය සිදුවනවා.

එලෙස පිස්ටන් දෙකට ලබා දෙන තෙරපුම් බලය වෙනස් කිරීමෙන් සහ යන්ත්‍රයේ විශාලත්වය අනුව එයින් නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණය තීරණය වනවා. 


රූපසිංහ මහතා නිර්මාණය කළ මේ යන්ත්‍රයෙන් කිලෝ වොට් එක හමාරක පමණ විදුලිබලයක් නිපදවිය හැකියි. ඔහු සදහන් කරන ආකාරයට විදුලිය නිශ්පාදනයට අමතරව කර්මාන්ත ක්ෂේත්‍රයේ බල අවශ්‍යතාවයන් සදහාද මෙම යන්ත්‍රය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. දිනෙන් දින වැඩිවන බල ශක්ති අවශ්‍යතාවයන් සදහා මෙවැනි නිර්මාණ රජයේ මැදිහත්වීමෙන් වැදියුණුකොට රටේ බලශක්ති ඉල්ලුම සපුරාලීමට කටයුතු කිරීම කාලොචිත මෙන්ම අප රටේ දේශීය නිර්මාණකරුවන් දිරිගැන්වීමක් ද වෙනු ඇති.




edoctor_banner


----------------------------------------------------------------------------
ඇපල් i phone , අලුත්ම English Movies සැටලයි ටීවි දීමනා ගැන දැනගන්න
----------------------------------------------------------------------------

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ