දුරකථන සඟරාවෙන් දේශිය ඇන්ඩ්‍රොයිඩ් ඇප් නිපදවීමේ ව්‍යාපෘතියක් ඇප් පොත නමින් ඇරඹේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා.මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඔබේ ජංගම දුරකථනයට නොමිලේ ස්ථාපනය කරගෙන ඒවා ක්‍රියාත්මක වීෙමිදී ඔබේ අත්දැකීම් ගූගල් ප්ලේ හි සඳහන් කරන්න. අප විසින් අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවීමේ ව්‍යාපෘතියට එක්වීමට ඔබත් කැමතිනම් අප අමතන්න. ඔබේ අදහස් සජීවී ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස බොහෝ දෙනෙක් අතරට ගෙනයාමට දුරකථන සමග එක්වන්න.
මුලින්ම http://www.durakatana.com/apppotha වෙත ගොස් ලියාපදිංචි වන්න. ඔබ විසින් නිපදවන ඇන්ඩ්‍රොයිඩ් ඇප් APK ෆයිල් කෙටි හැඳින්වීමක්ද සහිතව ඇප් පොත වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න ඉන් පසු එය අපගේ ඇප් පොත ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයට එකතුවෙනු ඇත. ඇප් පොත හා එක් වීමෙන් ඔබට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග එලිදැක්වීමට හොඳ වේදිකාවක් නිර්මාණය වන අතර මාසිකව අප මුද්‍රිත මාධ්‍යන් වන දුරකථන, රූ පරිගණක සඟරා හා වෙබ් මාධ්‍යන් වන දුරකථන,roomagazine.com ගොසිප් ශ්‍රී ලංකා වෙබ් අඩවි මෙන්ම අප ෆේස්බුක් සමූහයන් වන mydurakatana හා lankasearch ඔස්සේද මාසිකව පුළුල් පුචාරයක් ඇප් පොතට හිමිවේ දුරකථන සඟරාව මගින් නිපදවන සිංහල ඇප් සියල්ලද ගූගල් ප්ලේ වෙත නිකුත් කල වහාම ඒවාද ඇප් පොතටද එක්වේ.
ඇප් පොත ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්නට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න
0 comments:
Post a Comment