Tuesday, February 25, 2014

කොළඹ තදබදයට පිළියමක්?

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.
මාර්තු මස අට වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම මාර්ගය විවෘත කිරීමට නියමිතය.
කිලෝමීටර 11කින් යුක්ත වන මෙහි මංතීරු දෙක බැගින් දෙපසට මංතීරු හතරකි.
රුපියල් කෝටි 2700 වයදමින් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයෙන් ඉදි කරන මෙහි විශේෂත්නය වනුයේ කිලෝමීටර 3.3කින් යුක්ත දිගු ගුවන් පාලමකි. මෙම පාලම මෙරට දිගින් වැඩිම පාලම ලෙස සැලකේ.

කොට්ටාව අතුරුගිරිය යන හුවමාරු මධයස්ථාන දෙකකි.
මෙම මාර්ගය ඉදිකිරීමේ දී ස්වභාවික ජල ප්‍රවාහන පද්ධතියට කිසිදු හානියක් සිදු නොවන ලෙසට, වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශවලට පස් පිරවීමෙන් තොරව කුළුනු මත ඉදි කර ඇත.
දැනට මංතීරු හතරක් වුවත් අනාගතයේ දී මංතීරු හය දක්වා වැඩි කරන බවත් කඩුවෙල සිට කොට්ටාවට මිනිත්තු 10න් ගමන් කළ හැකි බවත් මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ පුෂ්ප ගුණරත්න මහතා පැවසීය.





මේම ලිපිය ශ්‍රි ලංකාවෙ අන්තර්ජාලට එකතු කල පළමු (සිංහල) ජාතික පුවත්පත ලංකාදීප යෙන් උපුටා ගත් බව ස්තුතිපූර්වකව සඳහන් කරමු. 

Web hosting and web design in sri lanka
Web Hosting and Domains

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ