දක්ෂිණ අධිවේගයේ ගාල්ල සිට මාතර දක්වා මාර්ගයේ ඉදිකිරීම් බලමු Southern Highway Galle to Matara
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය තීරනය කලේ දෙන්නේ නූපේ හන්දිය හා මාතර සිට ගොඩගම දක්වා දිවෙන පිහිසුම් මාර්ගයන්ගේ ඉදිකිරීම් කටයුතු හා අධිවේගී මාර්ගය දෙපස අලංකරණ කටයුතු තවමත් අවසන්වී නොමැති වීම නිසයි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර කොටස ජනපති මහින්ද රාජපක්ෂ අතින් මෙම මස 31 වැනිදා විවෘත වීමට නියමිතව තිබුණි.
ඉදිකරමින් පවතින අධිවේගයේ ගාල්ල සිට මාතර දක්වා මාර්යේ ස්වර්ණවාහිනි විකශය විඩියොව බලන්න.......
මේ වන විට මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බව වරාය, මහාමාර්ග හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසීය.
මේ මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 18කි. අධිවේගී මාර්ගය පින්නදූව පිවිසුමේ සිට මාතර ගොඩගම පිවිසුම දක්වා වූ දිග කිලෝමීටර් 30ක් වේ. මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගය පිවිසුම් තුනකින් සමන්විතයි. පින්නදූව පිවිසුමේ සිට වරාය දක්වා කිලෝ මීටර 04ක් දිග විශේෂ මාර්ගයක්ද අධීවේගී මාර්ගයේ සිට ඉදිකර තිබේ.
කොළඹ–මාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත්දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග126 km (78 mi)ක් වන මාර්ගය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹ සහ දිවයිනේ දකුණු අග නගරය වනමාතර, සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ගයේ ඉදිකිරීම් 2006 දී ඇරඹූ අතර 2014 දී මාතර දක්වා වූ සම්පූර්ණ මාර්ගය නිම කිරීමට බලාපොරොත්තු වෙයි. එසේ වූවත් මාර්ගයේ පළමු අදියර ලෙස 2011 නොවැම්බර් 27 දින කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස විවෘත කරන ලදී. සාමාන්‍ය මාර්ග භාවිතයෙන් කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට පැය 4 ක් පමණ ගත වූවත් අධිවේගී මාර්ගය භාවිතයෙන් එම දුර පැය 2 කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකියාව පවතී.
Video courtesy : Swarnawahini. Live @ 8
0 comments:
Post a Comment