Tuesday, December 24, 2013

ඉපැරණි හෙල සහල් පිළිකා, දියවැඩියා නසන බව සනාථ වේ

riceපිළිකා, දියවැඩියාව,රක්තහීනතාව ආදී රෝග පාරම්පරික සහල් පරිභෝජනයෙන් නිවාරණය කළ හැකි යයි කාර්මික තාක්ෂණ ආයතනය විසින් සහල් පිළිබද කළ පර්යේෂණ වලදී තහවුරු වූ බව එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පැවසුවාය.

සුදු හීනටි, පච්ච පෙරුමාල්, රත් සුවදැල් යන සහල් වර්ග පිළිකා රෝගය සදහා ද, දියවැඩියාව සදහා මසුරන්, ගොනබාරු යන සහල් වර්ගද රක්තහීනතාව සදහා යකඩ සහ ප්‍රෝටීන් බහුල කළු බැල වී, පච්ච පෙරුමාල්, දහනඅල, රතු හීනටි, කට්ටමංජල් යන සහල් වර්ගද ආහාරයට යොදා ගත හැකි බව ඇය සදහන් කළාය.


මෙම නව සොයා ගැනීම සිදු කලේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය මගින් වසර හතකට ආසන්න කාලයක් පුරා සිදු කෙරූ පරීක්ෂණයන්ට අනුව යයිද අධ්‍යක්ෂිකාව පැවසුවාය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් පාරම්පරික සහල් නියැදි පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙම සොයා ගැනීම සිදුකළ බවද මෙම පාරම්පරික සහල් වර්ගයන්හි ඇතැම් සහල් වර්ග සුපිරි වෙළදසල් මගින්ද පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව ඇය වැඩිදුරටත් සදහන් කළාය.
උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/107080/

0 comments:

Post a Comment

Copyright © 2014 ගන්න දේශීය දේ